Breaking News

විදුලි සැර වැදීමෙන් මිය යන අලි ප්‍රමාණය වාර්ෂිකව වැඩි වෙයි.

අලි මිනිස් ගැටුම හේතුවෙන් දිනපතා අලියෙක් හෝ මිනිහෙක් මිය යනවා. සැප්තැම්බර් මස අවසාන සතියේ උතුරුමැද පළාතේ පමණක් අලි ප්‍රහාර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව එකොළොස් දෙනෙක්.පසුගිය වසර 20 තුළ අහිමි ඌ මිනිස් ජීවිත ප්‍රමාණය 1500 ඉක්මවා තිබූනා .

2021 2022 කාලය තුළ අලි මරණ 511 ක්ද මිනිස් මරණ එකසිය අසූ එකක්ද වාර්තා වෙනවා. ඉන්  258ක්  මේ ගෙවී ගිය 2002 වර්ෂයට අයත් වෙනවා. මේ අලි මිනිස් ගැටලුව නිසා ඉතා සීඝ්‍රයෙන් අලි ගහණයක් ඒ ගැටුම හරහා පට අහිමි වෙන මිනිස් ජීවිත ප්‍රමාණයක් වසරින් වසර වැඩි වෙමින් පවතිනවා. මේ දෙපාර්ශවයම ආරක්ෂා කරමින් මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න මෙතෙක් බලයේ පිහිට වූ කිසිදු ආණ්ඩුවකට නොහැකි වී තිබෙන්නේ  මේ පිළිබඳව නිසි වැඩ පිළිවෙලක් සහිත   වේශයක් නොගැනීමයි.  එපමණක්ද නොව අලි මිනිස් ගැටුම ද දේශපාලකයාගේ සිට මේ වැඩසටහන සම්බන්ධ වෙන පහළ නිලධාරියා දක්වාම වංචා කිරීමේ අරමුණෙන් ‍ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද හේතුවක් වි තියනවා . වන අලින් පලවා හැරීමට අලි වෙඩි සඳහා රජය වසරකට රුපියල් මිලියන 2,800ක් වැය කරන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .

අලි මිනිස් ගැටුම නවතාලීමට විසඳුමක් යයි පවසමින්  විදුලි වැට ඇදීමද   ජනප්‍රිය ජාවාරමක් බවට පත් කරගෙන තිබෙන බව පසුගිය කාලයේ සිදු වෙච්ච වංචා දූෂණ පිළිබඳ වත් විවිධ බලධාරීන් නිලධාරීන් එක්ව අලි වැට නිර්මාණය කිරීමට මුදල්  ලබා ගෙන ඒවා අතරමග අතහැර දමා තිබීමත් තුළින් සනාථ වෙනවා.  පසුගිය කාලයේ මේ විදුලි වැට නිර්මාණය කිරීම පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වුණා.  ඒ වගේම සමහර දේශපාලකයෝ කුහක ලෙස වනාන්තරවල ගස් කපා ගැනීමටත් හොරකම් කර ගැනීමටත් අගල් කැපුවා අපි දැක්කා.

ඇත්තටම මේ අලි ගම් වැදීම හෝ වගා හානි කිරීම වැළැක්වීම සඳහා විදුලි වැට යෙදීම සාර්ථක පිළිතුරක් ද එහෙම නැත්නම් මෙය අලියාගේ ජීවිතයට  එල්ල කරනු ලබන මරු පහරක් ද කියන එක පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. ඒ  පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබාගැනීමට 2015 වසරේ සිට 2022  දක්වා විදුලිසැර වැදී මිය ගිහින් තිබෙන අලි ප්‍රමාණය කොපමණද කියලා බැලුවොත් අපට පැහැදිලි වෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව ම වාර්ෂිකව විදුලි සැර වැදී මිය යන  අලි ගහනය පිළිබඳව සැලකිලිමත් වන්න 2015 වන අලි මරණ 17ක්, 2016 දී 26ක්, 2017 දී 24ක්, 2018 දී 38ක්, 2019 දී 51ක්, 2020 30ක් හා 2021 දී වන අලි මරණ 66ක් ,2022  25 ක්  ද වශයෙන් වාර්තා වී තිබෙනවා. මේ අනුව ගත් කල 2015 සිට 2022 මේ වන තුරු විදුලි සැර වැදීම හේතුවෙන් අලි ඇතුන් 277 දෙනෙක් මරණයට පත්වෙලා තියෙනවා.

අලි මිනිස් ගැටුම දැන් තීරණාත්මක සන්ධිස්ථානයකට පත්වෙමින් තිබේ. මේ ගැටුමේ අවසානය තව වසර කීපයකින් ලංකාව තුළින් අලි ඇතුන් වඳ වී යෑමෙන්  විසඳෙනු ඇතැයි උපකල්පනය කළ හැකි.

leave a reply