පාවෙන එලවලු පාත්ති – බංග්ලාදේශය

මුහුදු මට්ටම ඉහළ යාම සහ ප්‍රචණ්ඩ ගංවතුර දැනටමත් බංග්ලාදේශයේ මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක්ව ඇත, නමුත් ඔවුන්ගේ මුළු ජාතියටම තර්ජනයක් වන තවත් ගැටලුවක් ගෙන එයි: ජලයෙන් යට වූ භූමිය සහ ඇළ දොළවල සහ පසෙහි අධික ලවණතාවය නිසා එය භූමියේ භෝග විනාශ කර දමයි.

ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයට අනුව පසුගිය දශක දෙක තුළ ආන්තික කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර බංග්ලාදේශය හත්වන ස්ථානයේ සිටී. එබැවින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇති වන මෙම විනාශකාරී සහ අනපේක්ෂිත තත්වයන්ට හැඩගැසීමට එරට ගොවීන් මංමුලා සහගත ලෙස උත්සාහ කරති.

ඒ අනුව ඔවුහු ඩකා අගනුවර සිට කිලෝමීටර් 200ක් දකුණින් පිහිටි ප්‍රදේශයක්වු මුගර්ජෝර්හි දේශීය ගොවීන් ජලය මත රෝපනය කල හැකි බීජ පාත්ති භාවිතා කිරීමේ සියවසක් පැරණි තාක්ෂණයක් නැවත පණ ගැන්වූහ.

ඔවුන් අඩි දෙකත් හතරත් අතර උසකින් යුත් පාවෙන පාත්තියක් නිර්මාණය කිරීම සඳහා උණ බම්බු ස්ථර එකට ගොඩ ගසයි, ඒ මත ලී කැබැලි හා ඉවතලන පොල්ලෙලි අසුරයි බීජ සිටුවීමට – බොහෝ විට ඒවාම පොහොර ලෙස භාවිතා කරයි.

මෙය සැහැල්ලු, පාවෙන එළවළු වත්තක් සාදයි — කරවිල, නිවිති සහ බණ්ඩක්කා වමිබටු යන සියල්ලම මේ ආකාරයෙන් වගා කළ හැකිය .මුහුදු ජලය වැඩි වැඩියෙන් ගොඩබිම ආක්‍රමණය කරන වෙරළබඩ ප්‍රදේශවල ගොවීන්ට මෙය “නව බලාපොරොත්තුවක්” ලබා දී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...