ලංකාගම සිංහරජ මාර්ගය සමිබන්ධව ප්‍රංශයේ යුනෙස්කෝ ප්‍රධාන කාර්යාලය කරුණු විමසයි

සිංහරාජ දෙණියාය මාර්ගය ඉදිකිරිම සමිබන්ධව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය හා රටේ ජනතාව දිගින් දිගටම යුනෙස්කෝ කාර්යාලය දැනුවත් කල අතර එහි ප්‍රථිපලයක් ලෙස ලෝක උරුම ප්‍රධාන කාර්යාලය විවෘත ලිපියක් යොමු කර ඇත .

ඒ අනුව පරිසරයට හානියක් සිදුවුවද විරෝධතා මැද ලංකා රජයේ ජනාධිපතිවරයා සිංහරාජය පෙරණ කලාපයට හානිවන පරිදි මාර්ගය ඉදිකිරීම් කරන්න ගන්නා ලද තීරණය නිතිවිරෝධි වන හෙයින් ලංකාවෙි යුනෙස්කෝ ලෝක උරුම කාර්යාලය වෙත මෙි සමිබන්ධයෙන් විමසීමක් කර ඇති අතර ලංකාවෙින් පිලිතුරු ලැබෙන තුරු සිටින බව එහි සදහන් කර ඇත.

ඒ අනුව එම ලිපියේ වැඩි දුරටත් සදහන්වන්නේ කිසියමි සංවර්ධන කටයුත්තක් ලෙස සිංහරාජයේ හෝ පෙරණ කලාපයේ සිදුකරන්නේ නමි ඒ සදහා පරිසර තක්සේරු වාර්ථාවක් නිසි ක්‍රමවෙිදයකට සිදුකල යුතු බවත් ඒම වාර්ථාව ලෝක සංරක්ෂණ සංගමය මගින් අධික්ෂණය කල යුතු බවත්ය.

කෙසේ වෙතත් සොබාදහමට වග කියන ජනතාවක් ලෙස අප තවදුරටත් මෙි සමිබන්ධව විමසිල්ලෙන් සිටින අතර මෙි සමිබන්ධව  නිගමනයන්ද යුනේස්කෝ කාර්යාලය වෙත යැවීමට කටයුතු කරන බව සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි .

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...