Breaking News

සර්ජෝර්නෝ නිකුත් කිරීම අලූත් විදිහට

තව දුරටත් බ්‍රෙෂියා ක්වෙස්ලුර ආයතනය විසින් අලූත් කරන ලද සර්ජෝර්නෝ පිළිබඳ නාම ලේඛණ ප‍්‍රසිද්ධියට පත් කිරීම සිදු නොවේ. ඒ වෙනුවට නව ක‍්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව පහතින් දැක්වෙන පරිදි හඳුන්වා දෙන ක‍්‍රමවේදය අනුගමනය කිරීම තුලින් ඔබට දින හා වෙලාවන් වෙන් කර ගන්නට අවස්ථාව හිමිවේ.

මුලින්ම ඔබේ සර්ජෝර්නෝව සූදානම් දැයි https://questure.poliziadistato.it/stranieri ලින්ක් එකෙන් පරික්ෂා කර බැලිය යුතුය.

එය සූදානම් නම් https://listapermessibrescia.altervista.org/index.php?lang=it යන ලින්ක් එකෙන් අදාල පිටුවට ඇතුල් වී එහි දක්වා ඇති දින දර්ශණයට අනුව මුල් දින 10න් ඔබට කැමති දිනයක් සහ වේලාවක් තෝරා ගැනීමට හැකිවේ. මෙසේ දින වෙන්කර ගත හැක්කේ ඔබේ සර්ජෝර්නෝව සූදානම් නම් පමනි.

මේ අනුව කලින් ක‍්‍රමවේදය වූ ලේඛණ තුලින් එය ලබා දෙන දිනය හා වේලාව ප‍්‍රසිද්ධියට පත් කිරීම අවසන් වන අතර එක් අතකින් එය වඩාත් පහසු හා ඉක්මන් ක‍්‍රමවේදයක් වනු ඇතැයි ක්වෙස්තුරා ආයතනය අදහස් කරයි. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ පැරණි ලිස්ට් ක‍්‍රමය තුලින් දිනපතා ලබා දීමට සූදානම් කරන සර්ජෝර්නෝ වලින් තුනෙන් එකක් වැනි ප‍්‍රමානයක් ලබා ගන්නට අදාල පුද්ගලයින් නොපැමිනෙන බවත් ඒ අනුව සූදානම් කල සර්ජෝර්නෝ බොහෝ ප‍්‍රමාණයක් ගොඩ ගැසෙන බවයි. ඒ නිසා ඔවුන් විසින් දින සහ වේලාවන් ලබා දෙනවා වෙනුවට සර්ජෝර්නෝ හිමිකරුවන්ට හැකි දින සහ වේලාවන් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීමෙන් පෙර ගැටලූව විසඳෙනු ඇති බවයි.

ඒ අතර සර්ජෝර්නෝ අලූත් කිරීමට අදාල ඉල්ලූම් පත් පිරවීමේදී ඔන්ලයින් වෙනුවට අදාල කිට් එක අතින් පුරවා යවන අයට අදාලව සර්ජෝර්නෝව ලබා ගැනීමේ දිනය හා වෙලාව පෙර පරිදි එහි සඳහන් කරන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කරනු ඇත. යම් හේතුවක් තුල පණිවිඩ නොලැබීම හෝ එදිනට ඉදිරිපත්වීමට නොහැකි වුවහොත් ඔවුන්ටද Lista Permessi Brescia ලින්ක් එක තුලින් පෙර සඳහන් කල පරිදි දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට අවස්ථාව තිබේ.

ක්වෙස්තෝරෙ විසින් ප‍්‍රකාෂ කරණු ලැබුවේ 2022 වසරට වඩා 2023 වසරේ සර්ජෝර්නෝ තිස්හතර දහසක් වැඩිපුර ලබා දෙන්නට හැකිවූ බවත් එසේ කරනු ලැබුවේ දෙගුනයකින් දේශපාලන රැකවරණ ඉල්ලූම් කරුවන් වැඩිවීමේ හා පිටුවහල් කිරීම් දෙගුණයකින් වැඩිවූ තත්වයක් තුලදී බවයි. ඊට අමතරව ඉදිරි සති කීපය ඇතුලත එහි සංක‍්‍රමණික කාර්යාලය වෙත පොලිස් නිලධාරීන්ට සහායවීම පිණිස දස දෙනෙකු පමණ වන බාහිර සේවකයින් බඳවා ගන්නා බවත් ඒ අනුව මේ වන විට බොහෝ අංශ වල සිදුවන පමාවීම් ඉක්මනින් සමනය කරන්නට හැකි වෙතැයි විශ්වාසය පල කරයි.

බ්‍රෙෂියා සංක‍්‍රමණික සංවිධාන එකමුතුව වන ෆාබි විසින් දෙසැම්බර් මස අගදි ක්වෙස්තෝරෙ සමග කල සාකච්ඡුාවේදී පෙන්වා දුන් මෙම ගැටලූ කෙරෙහි අවධානය යොමු කරන බවට වූ පොරොන්දුවට අනුව ඔහුගේ මැදිහත්වීම සිදු කරමින් සිටින බව පෙනී යන අතර මෙතෙක් සිදුවන අපහසුවන් සහ කල් ගත වීම් අවම කර ගැනීමට හැකි වෙතැයි බලා පොරොත්තු වෙමු. තව දුරටත් ඊට අදාල මැදිහත් වීම් කිරීමට සංවිධානයක් ලෙස අප අවධියෙන් සිටින බවද ප‍්‍රකාෂ කරන අතරම තාමත් පොදු මැදිහත්වීම් වලදී නිද්‍රාශීලීව පසුවන ලාංකිකයින් ගෙන් දැන්වත් අවදිවන ලෙසටද මතක් කර සිටිමු.

leave a reply