අත්අඩංගුවට ගත් රාගම වෛද්‍ය පීඨ සිසුන් ඇප මත නිදහස්

පසුගිය දෙවනදා අලුයම රාගම වෛද්‍ය පීඨයට පැමිණි පිරිසක් එහි සිසුන් පිරිසකට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි සිසුන් තිදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබේ.

ඒ අනුව රාගම වෛද්‍ය පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන විදූෂ නෙත්සර, නිරෝෂන් නයන බණ්ඩාර හා රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හසල සඳරුවන් යන සිසුන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරිණි.

මෙම සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා අද උදෑසන රාගම පොලිස් ස්ථානයට භාරවුණා. පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත් දෙනකු පෙබරවාරි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

ප්‍රහාරය සිදුවූ දින ඔහු රාගම වෛද්‍ය පීඨයට පැමිණි BMW රථයට පොලිස් භාරයට ගැනුනා. මැර කණ්ඩායමක් රාගම වෛද්‍ය පීඨයට ඊයේ (02) අලුයම බලහත්කාරයෙන් ඇතුළුවී එහි සිව්වන වසරේ සිසුන් පිරිසකට පහරදීමක් සිදුකර තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

එම අවස්ථාවට පොල් සංවර්ධන අධිකාරියේ මෝටර් රථයක් සමග අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු පැමිණ තිබීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට ද මෙහිදී චෝදනා එල්ල විය. පසුව හෙළිවූවේ ඇමතිවරයාගේ පුත්‍රයාද එම ස්ථානයේ සිට ඇති බවයි.

එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...