චමල් – බැසිල් අයියලා මල්ලිලා ජනතා ප්‍රශ්නවලට ‘විසඳුම්’ ලැබෙන හැටි ගැන ඉඟි කරයි

Date:

මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙන සහන පිළිබදව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ පැවසුවේ “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” ලෙසයි.

ඒ අනුව මෙවර අයවැයේදී ජනතාවට වැඩි බරක් පැටවෙන බව මුදල් අමාත්‍යවරයා වක්‍රාකාරයෙන් මෙහිදී අදහස් පලකර තිබේ.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මල්වානේ ඇති සුඛෝපභෝගී නිවසට අදාළව ඇති නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (01) ගම්පහ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදීයි.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි ඊයේ (01) අධිකරණය හමුවේ පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ සුපිරි නිවස ඉදිකළ බවයි.

තමන්ට ලැබුණු එම මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බවද විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදිත උපාලි ජයකොඩි අධිකරණයට පවසා ඇත.

මේ අතර රාජපක්ෂ පවුලේ වැඩිමහල් සාමාජිකයා වන රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසා ඇත්තේ ඉදිරියේදී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤෙක්කා, මුං. බතල කෑමට ජනතාවට හුරුවීමට සිදුවන බවයි.

අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤෙක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමටද දායක වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඊයේ (01) ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකර තිබේ.

එසේම පොහොර ප්‍රශ්නය පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ අමාරුවෙන් වුවත් කාබනික ගොවිතැනට හුරුවිය යුතු බවයි.

ආණ්ඩුව තුළ ප්‍රධාන තනතුරු රසක් දරමින් සිටින්නේ රාජපක්ෂ පවුලේ උදවියයි.ඔවුන් සියලු දෙනා පසුගිය මැතිවරණ ව්‍යාපාරයේදී හඬ නැගුවේ ජනතාවට සහන ගොවියන්ට පොහොර ලබාදෙන බව පවසමිනි. දැන් බලයට පත්වීමෙන් පසු පවසන්නේ ජනතාවට පටි තදකරගන්නා ලෙසයි.

එසේම බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස පත්කරන මොහොතේ ආණ්ඩුවේ ඇතැමුන් එය සඳහන් කර සිටියේ එම පත්වීමත් සමඟ ආර්ථික විප්ලවයක් සිදුවන බවයි. නමුත් මොළ හතේ මුදල් ඇමතිවරයා දැන් පවසමින් සිටින්නේ ජනතාවට තිබෙන දෙයක් ලබාදෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...