මැයි 09 සිදුවීම්වලට අදාළව 664 ක් අත්අඩංගුවට

පසුගිය 09වනදා දිවයින පුරා සිදු වු සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් 258 දෙනකු ගත වු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 43 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පසුගිය 09වනදායින් පසු මේ දක්වා සැකකරුවන් 664 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

පොලිස් ස්ථාන වලට ලැබුණු පැමිණිලි 791 ට අදාලව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද හෙතෙම කීය.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 272 ක් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිම පැමිණිල ලැබී ඇත්තේ බස්නාහිර පළාතේන් (444) බවත් දකුණු පළාතෙන් පැමිණිලි 118 ක් ලැබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනේ යයි පවසමින් සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනීමට තිබෙන උනන්දුව කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමාකාමී උද්ඝෝෂකන්ට පොලු මුගුරුවලින් පහරදීමේ සිදුවීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නොමැති බව දක්නට ලැබේ. මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...