මැයි 09 සිදුවීම්වලට අදාළව 664 ක් අත්අඩංගුවට

පසුගිය 09වනදා දිවයින පුරා සිදු වු සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් 258 දෙනකු ගත වු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 43 දෙනෙකු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පසුගිය 09වනදායින් පසු මේ දක්වා සැකකරුවන් 664 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

පොලිස් ස්ථාන වලට ලැබුණු පැමිණිලි 791 ට අදාලව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද හෙතෙම කීය.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 272 ක් රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිම පැමිණිල ලැබී ඇත්තේ බස්නාහිර පළාතේන් (444) බවත් දකුණු පළාතෙන් පැමිණිලි 118 ක් ලැබුණු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනේ යයි පවසමින් සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනීමට තිබෙන උනන්දුව කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සාමාකාමී උද්ඝෝෂකන්ට පොලු මුගුරුවලින් පහරදීමේ සිදුවීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට නොමැති බව දක්නට ලැබේ. මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දින 02ක තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිසිපතිවරයා සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියයි.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...