Breaking News

කාබනික පොහොර හදන මුවාවෙන් දේශපාලන හෙංචයියන්ට ඉඩම් ලබාදීමේ තැතක්, දැනටමත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන

තිසර සමල්

කාබනික පොහොර ව්‍යාපෘති වලට බව පවසා ව්‍යාපාරිකයින් දෙදෙනකු පශු වෛද්‍ය කාර්යාලයන්ට අයත් භූමි දෙකක් අත්පත් කර ගෙන ඇතැයි උතුරු මැද පළාත් පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අමරසිංහ මහතා ‘සෞභාග්‍යා’ තිරසර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනේදී පැවසීය.

‘සෞභාග්‍යා’ තිරසර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන අනුරාධපුර පිහිටි උතුරු මැද පළාත් සභා සංකීර්ණයේදී විණි.දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෘෂිකර්ම වැඩසටහන් වල ප්‍රගති සමාලෝචනය, ගොවින් දිස්ත්‍රික් මට්ටමින් මුහුණ දෙන ගැටළු සාකච්ජා කිරීම, නව කෘෂිකාර්මික සංවර්ධ වැඩසටහන හදුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණයි.

එහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අමරසිංහ මහතා කියා සිටියේ,

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය කාර්යාල තියෙන ඉඩම් පවා කාබනික පොහොර මධ්‍යස්ථාන හදන්න කියලා පවරා ගන්න හදනවා, මේ වෙන කොට ලියුම් ඇවිත් තියෙනවා. අපිට ඒක නිදහස් කරන්න කියලා. ගොඩනැගිල්ල තියන භූමිය තියාගෙන ඉතුරු ටික නිදහස් කරන්න කියලා තියෙන්නේ. ගලෙන්බිදුණුවැවයි, කැකිරාවෙයි ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ඉඩම අල්ලගෙන ඉන්නවා යන්නේ නෑ, දැන් ඒ දෙන්නා. සති දෙකකට විතර ඉස්සරලා තමයි අල්ලා ගත්තේ.

ඊට පිළිතුරු දුන් කෘෂිකර්ම අමාත්‍යයතුමන් –
ඒක අපි කථා කරගමු,මේ කන්නයේ ඉඩම් ප්‍රථිසංස්කරණ මණ්ඩලය මැදිහත් වෙලා ලොකු කාර්යභාරයක් කරනවා.ඒකට සයිට් එකක් නැති නිසා ගන්නේ, පවරා ගැනීමක් නෙමෙයි, අපි ඔබතුමන්ලාගේ ඉඩම් අත්පත් කර ගැනීමක් කරන්නේ නෑ, අපිට කාබනික පොහොර හදන්න තැන් ටිකක් තමයි ඔබතුමන්ලාගේ ඉඩම් තියෙන නිසා, ඒ භූමිය මේ කටයුත්තට විතරයි ඉල්ලලා තියෙන්නේ, මේක පළමු නියමු ව්‍යාපෘතිය නිසා හිඟයකින් තොරව කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්න ඕන, භය වෙන්න එපා ඒක අපි ගන්නේ නෑ.

ඉඩම් අමාත්‍යය එස්.එම් චන්ද්‍රසේන – ආ මං දන්නෙත් නෑ… මං ඒක බලන්නම් යැයි පැවසීය.

එහිදී වැඩිදුරටත් කෘෂිකර්මයට අදාළ කරුණු ලෙස
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් පමණක් මෙම වසරේ මිලියන 2619ක් ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යයතුමන් පැවසූ අතර, එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය, ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන්ට මුහුණ පෑමට සිදුවන ගැටළු සහ ගොවි ජනතාවට ඵලදායි ලෙස එම ප්‍රතිපාදන වෙන් කොට සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙම ප්‍රගති සමාලෝචන වැඩසටහනේදී සාකච්ජා කෙරිණි.

leave a reply