Breaking News

පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අත්අඩංගුවට!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද සවස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අද(4) සවස 2.00ට බොරැල්ල, කොටා පාරේ එන්.එම්. පෙරේරා ‌කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අවසන්ව පිටව ගිය අතරමග පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට පොලිසිය විසින් ඔහු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවකදී නීතියේ කන්‍යාව දැක්වෙන කාටුනයක් භාවිත කිරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින් කඩුවෙල පොලිසිය කළ ඉල්ලීමකට අනුව දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

leave a reply