පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අත්අඩංගුවට!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද සවස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අද(4) සවස 2.00ට බොරැල්ල, කොටා පාරේ එන්.එම්. පෙරේරා ‌කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අවසන්ව පිටව ගිය අතරමග පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට පොලිසිය විසින් ඔහු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවකදී නීතියේ කන්‍යාව දැක්වෙන කාටුනයක් භාවිත කිරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින් කඩුවෙල පොලිසිය කළ ඉල්ලීමකට අනුව දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...