Breaking News

තැන්නහේනේ හොර කටු පොල් සිටවීමක් 

කීර්ති වීරසිංහ

ජූලි 27 වන දා තැන්නහේන ප්‍රදේශයේ වයස අවුරුදු 30ට වැඩිකටුපොල් වගාවට එරෙහිව පැන නැගුණු විරෝධය හමුවේයි  ගෝඨාභය ඇතුළු පිරිසකට මෙරට තුළ කටුපොල් වගාව තහනම් කරමින් ගැසට් නිවේදන කරන්නට සිදුවුනා . ඒ අනුව දැන් මෙරට තුළ කටු පොල් යනු තහනම් බෝගයකි. ඒත් හොර රහසේ කටු පොල් පැළ ඉන්ඳීමට ගිය සිදුවීමක් පිළිබඳව තැන්නහේන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ජූලි 27 වනදා තැන්නහේන සහ දැරණියගල ප්‍රදේශයේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබා දෙන්නට යොදාගෙන තිබුණු දිනයයි. මෙම එන්නත් කරන වැඩපිළිවෙළ ට මුවා වෙලා ගමේ ජනතාව එන්නත් කරන වැඩ පිළිබඳ තිබෙන ප්‍රදේශයට යන අතරතුර මෙම කටුපොල් ප්‍රවාහනය කර හොර රහසේ සිටවීමේ ක්‍රියාවලියක් තමයි සිදුවෙමින් පැවතියේ . හොර ගසේ කටු පොල් වගා කරන්නට යන බව දැනගත් කීර්ති වීරසිංහ මේ පිළිබඳව පොලිසිය ද දැනුවත් කර ම ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී ඔහුට දැකගැනීමට හැකිවී තිබෙන්නේ සඟවා තබා තිබුණු කටු පොල් පැල තොගයකි. පැළ 500 ක් පමණ එතැන ඇතැයි සැක කරන ඔවුන් පිටබැද්දර පොලිසියට කතා කර මේ පිළිබඳව දැනුම් දී තිබේ. මේ අනුව වසර කටු පොල් බිඳීම සිදුකරන්නට ගොස් තිබෙන්නේ තැන්නහේන වතුයාය තුලයි. ැන් ලංකාව තුළ කටුපොල් ඉඳීම තහනම් ක්‍රියාවකි.  නීතියෙන් දඬුවම් ලැබීමට හැකි වරදකි. ඉදිරියේදී මොවුන්ට කුමක් සිදුවේද යන්න පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතුය.

කීර්ති වීරසිංහ මහතා පවසන ආකාරයට මෙම අනවසර කටුපොල්  ඉඳීම සිදුව තිබෙන්නේ ප්‍රථම වතාවට නොවේ. 60, 61 කොටස ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේ ද මෑත කාලයේ අලුතින් කටුපොල් ඉන්දු බවට සාක්ෂි තිබෙන බව ඔහු පවසනවා. එසේනම්  මොන ආකාරයෙන් නීති පමුණුවා තිබුණත් තවදුරටත් ලංකාවේ භූමිය තුළ හොර රහසේ දේශපාලන බලයට මුවාවී කටුපොල් ඉන්ධන බව මෙයින් සනාථ වෙනවා.  ගැසට් එකේ සඳහන් ආකාරයට ක්‍රමානුකූලව ලංකාවේ භූමිය තුළින් කටුපොල් ඉවත් කරන්නට විධිවිධාන යොදා තිබුණත් මේ සිදුවෙන සිදුවීම් හරහා අපිට පැහැදිලි වෙන්නේ මෙය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

කීර්ති වීරසිංහ

leave a reply