දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබා දී තිබේ.

සිරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරනු ලැබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක තහවුරු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ දුමින්ද සිල්වාට 2016 වසරේදී මරණ දඬුවම නියම කෙරිණි.

කෙසේවෙතත් නව රජය පත්වීමෙන් පසු දේශපාලන පළිගැනීම් පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලද අතර එහිදී දුමින්ද සිල්වා නිදහස් කිරීමට නිර්දේශ කර තිබුණි.

මෝර්නිං පුවත්පතට අනුව, දුමින්ද සිල්වා නිදහස් කිරීම සඳහා විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට පෙර ඒ සඳහා අවශ්‍ය කටයුතු අවසන් කර තිබී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...