දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදෙයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබා දී තිබේ.

සිරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරනු ලැබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක තහවුරු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ දුමින්ද සිල්වාට 2016 වසරේදී මරණ දඬුවම නියම කෙරිණි.

කෙසේවෙතත් නව රජය පත්වීමෙන් පසු දේශපාලන පළිගැනීම් පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලද අතර එහිදී දුමින්ද සිල්වා නිදහස් කිරීමට නිර්දේශ කර තිබුණි.

මෝර්නිං පුවත්පතට අනුව, දුමින්ද සිල්වා නිදහස් කිරීම සඳහා විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට පෙර ඒ සඳහා අවශ්‍ය කටයුතු අවසන් කර තිබී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...