Breaking News

2023  ආර්ථික අර්බුදයේ පෙරගමන්කරු කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්  අර්බුදයයි .

දිනපතා බිඳවැටෙන රටේ ආර්ථිකය, අපහසුතාවයට පත් කරන්නේ රටේ සාමාන්‍ය ජනතාව. ධනකුවේරයන් සුළු පිරිසකට හැර  අර්ථික අර්බුදය අනිත් සියලු දෙනාටම තමන්ගේ ප්‍රමාණය අනුව තදින් දැනෙනවා.  පහළ පාන්තික දුප්පතුන් මේ ආර්ථික අර්බුදය හමුවේ හිඟන්නන් බවට පත්වේ. හිඟන්නන්  හාමතෙන් මිය යන්නන් බවට පත්වී ඉන්නවා.

මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්වී තිබෙන මුල්‍ය අර්බුදය පිළිබඳව  අනතුරු ඇඟවීමක් ලෙස ගත හැකියි උදාහරණයක් මතුවී තියනවා . 2023  වසරේ අපි මුහුණ දෙන මූල්‍ය අර්බුදයේ කසකරු ලෙස  ඉදිරියට පැමිණෙමින් ඉන්නේ කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්  සමාගමද? සැක සහිතව  විමසා බැලීමේ වරදක් නැහැ. කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මීට දින කිහිපයකට ඉහත සමාජ මාධ්‍ය වෙත පත්‍රිකාවක්  මුදාහරිනවා.  ඉන් කියැවෙන්නේ ඔවුන් යටතේ තැන්පත් කර ඇති තැන්පත් මුදල් වහාම නැවත ලබා ගන්නා ලෙසයි. එම පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තැන්පත් මුදල් සඳහා ලබාදෙන්නට පොරොන්දු වූ පොලී මුදල් ලබා නොදෙන බවයි.


මව්බිම වෙබ් අඩවියේ 30  වැනිදා පළවී තිබුණු පුවත

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලු ම මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) දෙසැ. 26 සිට ලබන වසරේ පෙබ. 28 දක්වා කාල සීමාව තුළදී සම්පූර්ණයෙන් ම නැවත ගෙවීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, ‘ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම’ යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌණතා තත්ත්වය හේතුකොට ගෙන, මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 25 (1) (ක) වගන්තිය අනුව එම තීරණය ගනු ලැබ ඇති බව ය.

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලු ම මහජන වගකීම් සම්පූර්ණයෙන් නැවත ගෙවීමට අවශ්‍ය අරමුදල් සම්පාදනයට අවශ්‍ය පියවර තහවුරු කිරීමෙන් සහ එම මහජන වගකීම් ගෙවීමෙන් පසු එම ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව, එම ආයතනයේ තැන්පතුකරුවන්ගේ සහ පොරොන්දු නෝට්ටු හිමියන්ගේ යහපත උදෙසා ඉහත කී නියෝගය නිකුත් කර ඇතැයි මහ බැංකුව පැවසීය.

ඒ අනුව, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය එකඟ වී ඇති පොළී අනුපාතයන්ට අනුව දෙසැ. 26 දින දක්වා උපචිත වන පොළී මුදල් ද ඇතුළුව සම්පූර්ණ මහජන වගකීම් ප්‍රමාණය ගෙවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.

එම නැවත ගෙවීමේ සැලැස්මට අනුව 2023.02.28 දිනට පෙර සිය මුදල් නැවත ලබා ගන්නා ලෙස කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සියලු තැන්පතුකරුවන් සහ පොරොන්දු නෝට්ටු හිමියන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.


2023 අයවැය ලේඛනය යෝජිත බදු සහ පොලී අනුපාතයන් වැඩි කිරීම හරහා  සාමාන්‍ය ජනතාවගේ  එදිනෙදා ජීවත් වීමේ හැකියාව බිඳ වැටෙන්නට නියමිතයි. ඒ අනුව  ලබාගත් ණය නොගෙවීම , ඉතිරිකිරීම්  අඩු වීමට මෙන්ම  දේපල විකිනීම් සිදුවනු ඇති.  එපමණක් ද නොව ඉදිරි වසරේ බිඳවැටීම් සඳහා  විශාල දායකත්වයක් සැපයීමට මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉවහල් වෙනවා. ඊට හේතුව තමයි මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධ බදු 14% සිට 30% දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය. මේ අනුව ඇඟලුම් කර්මාන්තය  ඇතුළු මධ්‍ය පරිමාණ සුළු පරිමාණ කර්මාන්ත වසාදමන වටපිටාව මාර්තු මාසය වන විට පත්වේවි.

ඉහත අප සඳහන් කළ කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්  ආයතනයේ කඩාවැටීම  සංකේතවත් කරන්නේ 2023 වසර තුල  මූල්‍ය ආයතන මුහුණපාන බරපතළ අර්බුදයයි.  රනිල් රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ බලය පවත්වාගෙන යෑමේ උවමනාම වෙනුවෙන්  දිනපතා උප්පරවැට්ටි යොදමින් ක්‍රියාත්මක කරන්නට හදන මේ වංචනික  ක්‍රියාවලිය හරහා  එකපාරටම අපේ රටේ මිනිසුන්ට මුහුණ පාන්නට සිදු වෙන ගැටලුව  අති දැවැන්ත එකකි.

දැනටමත්  සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් තමන්ගේ කනකර දේපල උගසට තබමින් හෝ විකුණා දමමින් ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පෙලඹී තිබෙන බව  විවිධ ආයතන විසින් කරනු ලැබූ සමීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා.  එපමණක්ද නොව විශාල වශයෙන් වෘත්තිකයන් ,විශේෂඥයන්,  තුළු ශ්‍රමබලකාය රට හැර යෑම තුළින් ඉදිරියේදී මේ ප්‍රශ්නය තවදුරටත් තීව්‍ර වෙන්නට නියමිතයි.  පවතින තත්ත්වය මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන්නේ නම් 2023 යනු  රටවැසියාට ජීවත්වීම සඳහා අනෙකාව මංකොල්ල කන්නට සිද්ධවෙන වසරක් ලෙස අපට පුරෝකතනය කළ හැකියි.

සමාජ මාධ්‍ය වෙත මුදාහල  පත්‍රිකාව

leave a reply