Breaking News

ඉබ්බෙක් සමග ආච්චි lockdown නීති කඩයි

හිල්මි සුපුන් 

කොරෝනා වෛරසය පාලනය කිරීමට දැනට ඇති හොඳම ක්‍රමය,  සෞඛ්‍යය සංවිධානය සහ වෛද්‍යවරුන්ට අනුව දුරස්ථභාවය තබාගැනීමයි. මේ සඳහා විවිධ රටවල විවිධ කාල සීමාවන් සඳහ නීතිමය සීමාවන් පනවලා තියෙනවා. මාර්තු 9 වැනිදා සිට සමස්ත ඉතාලිය lockdown එම  නැතිනම්   දුරස්ථ කිරීමේ ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්න පටන් ගත්තා. ජනතාව නිවෙස් වලට කොටු වෙලා දැන් මාසයක් ගත වෙලා ගිහින් තියෙනවා. එක තැනකට කොටු වෙලා හිඳීම මිනිස්සුන්ට කරන්න පුළුවන් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මොන නීතිය දාලා තිබ්බත් කුමන හෝ ලිහිල් භාවයක් හදාගෙන එළිපහලියට බහින්න මිනිස්සු කැමතියි. ඒ නිසා ආණ්ඩුව විසින් නිවැරදියි කියල හිතෙන විවිධ නීති මාලාවන් යටතට ජනතාව පත් කරන්න උත්සාහ කරලා තියෙනවා. මේවා කඩා බිඳගෙන මිනිස්සු එළියට යන්නත් උත්සාහ දරනවා. විශේෂයෙන්ම තට්ටු නිවාසවල ජීවත් වෙන මිනිස්සුන්ට පුංචි ඉඩක කොටු වෙලා මාසයක් එකහමාරක් ඉන්නවා කියන එක මාර අමාරු වැඩක්.

 එළියට බැහැලා අලුත් සුළං රොදක් ඇඟට වද්ද ගන්න තව කෙනෙක්ව දැකගන්න කතාබහ කරන්න පුදුම උවමනාවක් මිනිස්සුන්ට දැන් තියෙන්නේ.

මේ අපූරු සිද්ධිය ඉතාලියෙන් වාර්තා වෙන්නේ. වයස අවුරුදු 60 ක කාන්තාවක් එලියට බහින්න උපක්‍රමයක් හැටියට පාවිච්චි කරන්නේ තමන්ගේ නිවසේ ආදරේට ඇති කරන ඉබ්බාව  පාරේ ඇවිද්දවන්න අරන් යෑමයි.  අපි කවුරුත් දන්නවා ඉබ්බෙක් එක්ක ගමනක් යනවා කියන්නේ පට්ට නිදිමත වැඩක්. ඒ වුනත් එක මේ වගේ වෙලාවක පුදුම සහනයක් ගෙනදෙන වැඩක් වෙන්න ඇති.

ඉතාලියේ lockdown නීතියට අනුව  අත්‍යවශ්‍ය හෝ හදිසි අවස්ථාවක් සඳහා  රජය නිකුත් කරලා තියෙන ෆෝම් එක පුරෝගෙන තමන් විහින්ම මන්ගේ අවශ්‍යතාවය එහි සඳහන් කරලා එළියට යන්න පුළුවන්. ආරක්ෂක අංශ පරීක්ෂා කළොත් ඒක පෙන්නන්න පුළුවන්. ඔවුන් ඒ කටයුත්ත වංචාවකින් තොර අත්‍යවශ්‍ය සේවාවක් නම්, කළ යුත්තක් නම්, ඒ පුද්ගලයව නිදහස් කරනවා .

සාමාන්‍යයෙන්  ඉතාලියේ බොහෝ ගෙවල්වල හුරතලේට  බල්ලෙක් එහෙම නැත්තං පූස් පැටියෙක් ඇති කරනවා. ඉතින් මහල් නිවාස වල ඉන්න මේ සත්තුන්ව විශේෂයෙන්ම බල්ලන්ව දවසට කිහිප වතාවක් උගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා එළියට අරන්  යන්න සිද්ධ වෙනවා. මේ කාරණය සඳහා අවසර තියෙනවා. තමන් ජීවත්වෙන නිවසේ සිට පුංචි දුරක් මේ සතාව අරගෙන යන්න පුළුවන්.  ඒක සතාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කරන වැඩක් නිසා.

අපි කවදාවත් අහලා නෑ ඉබ්බාගේ අවශ්‍යතාවය සැපිරීම  සඳහා පාරක අරන් යනවා. නමුත් ඉතින් මේ හිර වෙලා ඉන්න ජීවිතය චුට්ටක් හරි නිදහස් කරගන්න ඒ වයසක කාන්තාව ඉබ්බාව අවිද්දවන්න අරන් යෑම මේ මොහොත අනුව තමන්ට එලියට බහින්න තියෙන හොඳම උපක්‍රමය කියලා හිතන්න ඇති .

කෙසේ වෙතත් ඇයට  නීති කඩකිරීමේ වරදට යුරෝ 400 ක දඩයකට යටත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා.

හිල්මි සුපුන්

leave a reply