අධි ආරක්‍ෂිත කලාප හරහා ගමන් කළ ජාතිවාදී පාගමනකට පොලිස් ආරක්ෂාව

ආණ්ඩුවේ පොලීසිය මර්දනයට එරෙහිව සහ රටේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා පාරට පැමිණි ජනතාවට පහරදුන්නත්, ‘අධිආරක්ෂක කලාප‘ ලෙස නම්කළ ප්‍රදේශයක හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ද සහභාගී වූ ජාතිවාදී පාගමනකට පොලීසියේ ආරක්ෂාව ලැබී තිබෙනු දක්නට ලැබුණි.

මෙම පාගමන නිදහස් චතුරස්‍රයේ සිට බුද්ධශාසන අමාත්‍යාංශය දක්වා ගිය අතර, පාගමන රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද ‘අධිආරක්ෂක කලාප‘ යන ගැසට් එක හරහා නම් කර තිබෙන කලාපයක් හරහාද ගමන් කර තිබුණි.

මුලතිව් කුරුන්දි විහාරය නම් අනවසර ඉදිකිරිම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් මෙම විරෝධය සංවිධානය කර තිබී ඇත. මතබේදයට තුඩුදී ඇති මෙම කුරුන්දි විහාරය නම් අනවසර ඉදිකිරිම සිදුකර තිබෙන්නේ දමිළ පූජා භූමියකයි. එම විහාරය ඉවත්කරගන්නා ලෙස අධිකරණය විසින් නියෝගයක්ද ලබාදී තිබේ.

රටේ ජනතාව සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජාතිභේදයකින් තොරව බඩගින්නට මුහුණදෙමින් සිටියදී ඒ ජාතීන් බෙදා වෙන්කිරීමේ සැලසුම් සහගත ව්‍යාපෘතියක සරත් වීරසේකර මන්ත්‍රීවරයා යෙදී සිටින බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...