අධි ආරක්‍ෂිත කලාප හරහා ගමන් කළ ජාතිවාදී පාගමනකට පොලිස් ආරක්ෂාව

ආණ්ඩුවේ පොලීසිය මර්දනයට එරෙහිව සහ රටේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා පාරට පැමිණි ජනතාවට පහරදුන්නත්, ‘අධිආරක්ෂක කලාප‘ ලෙස නම්කළ ප්‍රදේශයක හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ද සහභාගී වූ ජාතිවාදී පාගමනකට පොලීසියේ ආරක්ෂාව ලැබී තිබෙනු දක්නට ලැබුණි.

මෙම පාගමන නිදහස් චතුරස්‍රයේ සිට බුද්ධශාසන අමාත්‍යාංශය දක්වා ගිය අතර, පාගමන රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද ‘අධිආරක්ෂක කලාප‘ යන ගැසට් එක හරහා නම් කර තිබෙන කලාපයක් හරහාද ගමන් කර තිබුණි.

මුලතිව් කුරුන්දි විහාරය නම් අනවසර ඉදිකිරිම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් මෙම විරෝධය සංවිධානය කර තිබී ඇත. මතබේදයට තුඩුදී ඇති මෙම කුරුන්දි විහාරය නම් අනවසර ඉදිකිරිම සිදුකර තිබෙන්නේ දමිළ පූජා භූමියකයි. එම විහාරය ඉවත්කරගන්නා ලෙස අධිකරණය විසින් නියෝගයක්ද ලබාදී තිබේ.

රටේ ජනතාව සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජාතිභේදයකින් තොරව බඩගින්නට මුහුණදෙමින් සිටියදී ඒ ජාතීන් බෙදා වෙන්කිරීමේ සැලසුම් සහගත ව්‍යාපෘතියක සරත් වීරසේකර මන්ත්‍රීවරයා යෙදී සිටින බව පෙනේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...