PTA වෙනුවට රටම ත්‍රස්තයන් කරන නව පනතක්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබීම සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින් හෝ ඒ ආශ්‍රිත වෙනත් වැරදිවලින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, ත්‍රස්තවාදය ආශ්‍රිත වරදක් කරන පුද්ගලයෙකු හදුනාගැනීම, සිරභාරයට ගැනීම, දඬුවම් දීම හා නඩු පැවරීමට අදාළ විධිවිධාන මෙමගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඉවත් කිරීම සඳහා ද විධිවිධාන සැලැස්වීම මෙම පනත් කෙටුම්පත සකස් කිරිමේ තවත් අරමුණක් වන බවයි.

මේ පිළිබද අදහස් දක්වන පිරිස් පවසන්නේ දැනට තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍ර විරෝධී නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවයි. දැනට තිබෙන පනත ඉවත්කරන ලෙස ඉල්ලමින් රට තුල පසුගිය කාලයේ විරෝධතා ඇතිවුනා. එයට හේතුව දශක ගණනක් පුරා එම පනත හාහ උතුරේ දකුණේ විශාල පිරිසක් මර්දනයට ලක් කිරීමයි. එහි ආසන්නතම සිදුවීම වූවේ අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට මෙම පනත යොදාගැනීමයි.

නමුත් දැන් ආණ්ඩුව සූදානම් වන්නේ එම පනත අහෝසි කිරීම වෙනුවට තවත් මර්දනකාරී නව පනතක් හදුන්වා දීමටයි. විශේෂයෙන් ඒ පිළිබඳ අදහස් දක්වන පිරිස් පවසන්නේ නව පනත යටතේ ආණ්ඩුවට විරුද්ධව වීමත් ත්‍රස්තවාදය ලෙස නම් කර ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...