ප‍්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව අරගලය අඛණ්ඩව

වත්මන් ආණ්ඩුව පසුගියදා උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට බදවා ගන්නා ලදී. ඉන් පළමු කණ්ඩායම ලෙස 2020 සැප්තැම්බර 2 වැනිදා 50177ක් ද පෙබරවාරි 1 දින 8076 බදවා ගන්නා ලදී. ඉන් පළමු කණ්ඩායමේ බදවාගත් උපාධිධාරීන් ඇතුරින් 38760ක් උපාධිධාරිනියන් ය.

මෙසේ බදවාගත් උපාධිධාරිනිටන්ට ලබාදෙන ප‍්‍රසූත නිවාඩු සති 6කි. සාමාන්‍යයෙන් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ප‍්‍රසූත නිවාඩු වැඩකරන දින 84 අනිවාර්යයෙන් මෙතෙක් ලබාදෙන ලදී. විශේෂයෙන් 2018 සහ 2019 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ටද දින 84ක ප‍්‍රසූත නිවාඩු කාලය හිමි විය. මාස 6 අනිවාර්යයෙන් මව්කිරි දීමට වෛද්‍යවරු පවා නිර්දේශ කර තිබියදී ආණ්ඩුව මෙසේ අත්තනෝමතික ලෙස නිවාඩු කප්පාදු කර ඇත.

මේ සම්බන්ධයෙන් 2020 සැප්තැම්බර් 7 දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර මේ පිළිබද ජනාධිපති, අගමැති ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කරන ලදී. අමතරව සියලු වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව විරෝධතා කි‍්‍රයාමාර්ග ගන්නා ලදී.
මේ අතර 2020 දෙසැම්බර් 24 දින රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් අමාත්‍යාංශ ලේකම් වෙත් ලිපියක් මගින් දන්වා ඇත්තේ දින 84 ප‍්‍රසූත නිවාඩු ලබාදීමට අදාළ කැබිනට් සංදේශය කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙසයි. නමුත් මාස 3ක් ආසන්න වෙතත් ඒ කිසිවක් සිදුව නැත. ඛේදවාචකය වන්නේ ලේකම් එවැනි ලිපියක් ලද බවක් පිලිනොගැනීමයි (ලිපියි මේ සමග ඇත* ඇමතිවරයාගේ නියෝගයක් පිලිනොගන්නා ලේකම් කෙනෙක් සිටින ආණ්ඩුවකි මේ .

මේ අතර මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලට අදාළ පරීක්ෂණ කටයුතු මාර්තු මස 12 පස්වරු 11.30 සිදුවන බව අප වෙත් ලිඛිතව (සිතාසි* එවා ඇත. එම අවස්ථාව සදහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සහ අමාත්‍යාංශ ලේකම්වරයා කැදවා ඇත.

අද ජාත්‍යන්තර කාන්තා දිනය ආණ්ඩුව සමරනු ලබයි. ඒ මවගේ අයිතියක් සහ දරුවාගේ අයිතියක් නැති කරමිනි. ආණ්ඩුවට කාන්තා දිනය සැමරීමට අයිතියක් කොයින් ද? නැවතත් අවධාරණය කරන්නේ ආයතන සංග‍්‍රහය (එවා ඇත) තුළ හිමි ප‍්‍රසූත නිවාඩු වැඩකරන දින 84 කාලය ලබාදෙන ලෙසයි

ලේකම්
ධම්මික මුණසිංහ 071 4 176 030
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...