Breaking News

අස්ගිරි මල්වතු තැන්නේ හාමුදුරුවන්ව උල තියන්න උල පීරි ගායි


අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන තැන්නේ ඥානානන්ද භික්ෂු නම 2022.11.23 දින මාධ්‍ය හමුවකදී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට “පාදඩයන් දෙන්නා” යනුවෙන් ඉතා පහත් අයුරින් ආමන්ත්‍රණය කරමින් භික්ෂුවකට නොගැලපෙන ක්‍රියාවක නිරත වූ බව මාධ්‍ය මගින් දැකගන්නට ලැබුණි

මෙම තැන්නේ ඥානානන්ද භික්ෂුව අමරපුර රාස්සගල පාර්ශවයට අයත් කෙනෙකු බව දැනගන්නට ලැබී ඇති අතර එහි සත්‍ය අසත්‍යතාවය හා එම භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පත් පාර්ශවය ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව අතිපූජ්‍ය උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත් කරන ලෙස ගෞරව පුර්වකව ඉල්ලා සිටිමි.

මෙයට කාරුණික
තපෝවනයේ දමිත මහාස්ථිවර


තැන්නේ ඥානානන්ද හාමුදුරුවන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මල්වතු අස්ගිරි මාහ නාහිමිවරුන්ට චෝදනා එල්ල කරනු ලැබුවා. එම චෝදනා එල්ල කිරීම සිද්ධ කරනු ලැබුවේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් බොරු චෝදනා නගමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හාමුදුරුවන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් තබාගෙන සිටින අතර ඊට එරෙහිව මහනාහිමිවරුන් කිසිදු වචනයක් නොකියන එකට විරෝධය පාමින්.

රනිල් රාජපක්ෂ සමස්ත රට වැසියාට ම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට සහ ජනාධිපති බලතලවලට මුවාවෙලා තර්ජනය කරද්දී මේ නාහිමිවරුන් රටේ ජනතාව වෙනුවෙන් ඊට එරෙහිව පෙනී සිටියේ නැහැ. එපමණක්ද නොව රට මේ තරම් විශාල විනාශයකට පත් වී තිබෙන මොහොතේ පවා මොවුන් අන්ධයන් ගොළුවන් බිහිරන් සේ සිටිමින් පාලක පන්තියේ උවමනාව ඉදිරියට ගෙන යෑමට නිහඬ අනුමැතියක් දෙමින් පවතිනවා. සිරිධම්ම හිමියන්ගේ කාරණයට අදාළව ද මොවුන්ගේ හැසිරීම රනිල් රාජපක්ෂලාගේ උවමනාවට නිහඬව අනුමත කර සිටීමයි. ඥාණානන්ද හාමුදුරුවෝ පෙනී සිටියේ මේ දෙබිඩි පිළිවෙත ට එරෙහිවයි.

මේ මහානාහිමිවරුන් සිදුකරමින් පවතින්නේ සමස්ත රටවැසියාගේ ප්‍රශ්නය පිළිබඳව සංවේදී වෙනවා වෙනුවට ප්‍රසිද්ධියේ තමන්ට නොගැලපෙන වචනවලින් විවේචනය එල්ල කරයි කියලා තැන්නේ ඥානානන්ද හාමුදුරුවන්ගේ තොරතුරු ඒකරාශී කර සුදුසු පියවර ගැනීමට ඉක්මන් වීමයි.

ඉතින් තැන්නේ ඥාණානන්ද හාමුදුරුවෝ පැවසූ ආකාරයෙන්ම මොවුන්ගේ උච්චාසයන මහාසයන රත් වෙන්නේ තමන්ට කුමන හෝ අකටයුත්තක් සිදුවෙනවා වෙලාවට පමණයි.

ඉක්මන් වී තැන්නේ ඥානානන්ද හාමුදුරුවන්ගේ පැටිකිරිය හොයන මහනාහිමිවරුන්ට පවසන්නේ කරුණාකර ඊට ප්‍රථම මේ රටේ පාලකයා මෙරටේ ජනතාවට කරන අකටයුතුකම් පිළිබඳව ඇස් කන් ඇරම් බලා කළ හැකි දෙයක් තිබේ නම් ඊට පිළිතුරු සපයන්නට ඉක්මන් වන ලෙසයි.

leave a reply