Breaking News

ජනමාධ්‍යවේදි සීතා රංජනී මහත්මිය දිවි ගමන නිමකරයි

ප්‍රකට සමාජ සහ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ ජනමාධ්‍යවේදි සීතා රංජනී මහත්මිය පෙබරවාරි 16 සිය දිවිසරිය නිමාකර තිබෙනවා. ඇය මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා. 1954 මාර්තු 8 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ප්‍රදේශයේ උපත ලැබු ඇය සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා යි.

ඇය වසර 37කට වැඩි කාලයක් මාධ්‍යවේදිනියක සහ සමාජ ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කළා.

ආර්. ප්‍රේමදාස පාලන සමයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එක්ව එහි සමාරම්භක ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ සීතා රංජනී මහත්මිය මර්ජ් ආයතනයෙන් ප්‍රකාශයට පත්කළ ‘යුක්තිය’ නමින් වූ සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතෙහි මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කර තිබෙනවා . ජනමාධ්‍යවේදිනියක මෙන්ම කවිය, සාහිත්‍ය විචාර, සිනමා විචාර මෙන්ම ස්ත්‍රී ක්‍රියාකාරකම් හී නිරත ව සිටි ඇය සිය අවසන් සමයේ දී පිළිකා රෝගයට ගොදුරුව සිටි බවයි පැවසෙන්නේ. ඇය සිය ජීවිතයේ අවසන් සමයේ දී ‘උරග විසංතියක කුරුලු බිත්කර’ යනුවෙන් කවි පොතක්ද පළකර තිබෙනවා

leave a reply