ජනමාධ්‍යවේදි සීතා රංජනී මහත්මිය දිවි ගමන නිමකරයි

ප්‍රකට සමාජ සහ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ ජනමාධ්‍යවේදි සීතා රංජනී මහත්මිය පෙබරවාරි 16 සිය දිවිසරිය නිමාකර තිබෙනවා. ඇය මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා. 1954 මාර්තු 8 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ප්‍රදේශයේ උපත ලැබු ඇය සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා යි.

ඇය වසර 37කට වැඩි කාලයක් මාධ්‍යවේදිනියක සහ සමාජ ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කළා.

ආර්. ප්‍රේමදාස පාලන සමයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එක්ව එහි සමාරම්භක ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ සීතා රංජනී මහත්මිය මර්ජ් ආයතනයෙන් ප්‍රකාශයට පත්කළ ‘යුක්තිය’ නමින් වූ සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතෙහි මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කර තිබෙනවා . ජනමාධ්‍යවේදිනියක මෙන්ම කවිය, සාහිත්‍ය විචාර, සිනමා විචාර මෙන්ම ස්ත්‍රී ක්‍රියාකාරකම් හී නිරත ව සිටි ඇය සිය අවසන් සමයේ දී පිළිකා රෝගයට ගොදුරුව සිටි බවයි පැවසෙන්නේ. ඇය සිය ජීවිතයේ අවසන් සමයේ දී ‘උරග විසංතියක කුරුලු බිත්කර’ යනුවෙන් කවි පොතක්ද පළකර තිබෙනවා

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...