ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 51.2% බහුතරය මුහුණු ආවරණය ප්‍රතික්ෂේප කරයි.

ස්විට්සර්ලන්තයේ පසුගියදා පැවති ජනමත විචාරණයේ දී එරට ජනතාවගෙන් බහුතරයක් මුහුණු ආවරණය කිරීමට එරෙහිව ඡන්දය භාවිතා කර තිබේ. මෙහිදී බහුතර රටේ ජනතාවගේ මෙන්ම ප්‍රාන්ත බහුතරයකගේද ( කැන්ටන් ) සම්පූර්ණ මුහුණු වැස්ම තහනම් කිරීමට පක්ෂපාතීත්වය ලැබීම විශේෂත්වයකි. ඡන්දදායකයින්ගෙන් සියයට 51.2 ක් සහ කැන්ටන් 26 න් 20 ක් තහනමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. මේ අනුව ඉදිරියේදී ස්විට්සර්ලන්තය තුල බුර්කාව නිකාබ් පැළඳීම තහනම් වනු ඇත.

පොදු ස්ථානවල මුහුණු ආවරණ තහනම් කිරීමට එරෙහි ඡන්ද 48.8% කි. කැන්ටන් සම්බන්ධයෙන් ගත් කල, මුහුණු සැඟවීම තහනම් කිරීමට විරුද්ධව බහුතර ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබෙන්නේ රටේ විශාලතම නගර තුන වන සූරිච්, ජිනීවා සහ බාසල් වලින් වීම විශේෂත්වයකි.

කෙසේවෙතත් මෙම ජනමත විචාරණයෙන් අනතුරුව දැන් මේ පිළිබඳව අලුත් කතාවක් නිර්මාණය වෙමින් ඇති බව දැනගන්නට තිබෙනවා. රටේ බහුතර ජනතාවගේ සහ කැන්ටන් බහුතරයකගේ කැමැත්ත ලැබුණත් මෙය යම් ජන වර්ගයක ගේ සංස්කෘතික උරුමයට නීතියට මුවා වී ලබාදෙන පහරක් බව මත පළ වෙමින් තිබෙනවා. රජය සහ පාර්ලිමේන්තුව රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව කල්පනා කළ යුතු වුවත් ඒ ආරක්ෂාව මෙවන් ආකාරයෙන් තහවුරු කරන්නට යෑමෙන් ජනතාව අතර ගැටුම් නිර්මාණය වීමට ඉඩ සැලසීම ද මේ තුළින් සිදුවිය හැකි බව මෙම ජනමත චාරණය ප්‍රතිඵලයට පක්ෂ නොවන කණ්ඩායම් ප්‍රකාශ කරනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...