IMF ණය කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 40ක් විකිණීමට සැරසෙයි

ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ.

එම පෞද්ගලීකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේදී විපක්ෂය හැටියට අවශ්‍ය සහයෝගය දිය හැකි බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

මෙහි පුදුම වන්නට දෙයක් නැත්තේ රාජපක්ෂලා, රනිල්ට මෙන්ම සජිත්ට ද ආර්ථිකය ගොඩ දැමීමට කියමින් ණය ගැනීම හැර වෙනත් ප්‍රතිපත්තියක් නැති බව පසුගිය වසර ගනනාවක් පුරා තහවුරුව තිබීමයි. නමුත් මෙහි ඇති උපහාසාත්මක තත්ත්වය නම් වසර 74ක් තිස්සේ ක්‍රියාත්මක කළ ණය ගැනීමේ ප්‍රතිපත්තිය නව්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස රනිල් වික්‍රමසිංහ වැන්නන් සඳහන් කිරීමයි.

ඔහු පසුගියදා පැවති ආර්ථික සමුළුවකදී සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමේ කටයුතු ඉදිරියට යන බවයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හැර වෙන විකල්පයක් නැති බවද ඔහු සඳහන් කර තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට විරුද්ධ වෙන කණ්ඩායම් වෙනත් කිසිවක් යෝජනා නොකරන බව ඔහු මෙහිදී චෝදනා කර තිබුණි.

නමුත් රනිල් මේ ආකාරයට බොරු කියන්නේ මේ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට ඔහුට එවැනි බොරු අවශ්‍ය නිසාවෙනි. ඇත්ත තත්ත්වය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට විරුද්ධ කණ්ඩායම් විකල්ප ආර්ථික ප්‍රතිපත්ති රැසක් යෝජනා කර තිබේ. උදාහරණයකට ගෝල්ෆේස් අරගලකරුවන් විසින් ඉදිරිපත් කළ යෝජනාවල එක් යෝජනාවක් වන්නේ රාජපක්ෂලා, රනිල්ලා ඇතුළු දේශපාලන හෙන්චයියන් විසින් සොරා කෑ මුදල් නැවත අයකර ගත යුතු බවයි.

කාටුනය – සජිත් බණ්ඩාර

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...