IMF ණය කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන 40ක් විකිණීමට සැරසෙයි

ණය ලබාදීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබේ.

එම පෞද්ගලීකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේදී විපක්ෂය හැටියට අවශ්‍ය සහයෝගය දිය හැකි බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

මෙහි පුදුම වන්නට දෙයක් නැත්තේ රාජපක්ෂලා, රනිල්ට මෙන්ම සජිත්ට ද ආර්ථිකය ගොඩ දැමීමට කියමින් ණය ගැනීම හැර වෙනත් ප්‍රතිපත්තියක් නැති බව පසුගිය වසර ගනනාවක් පුරා තහවුරුව තිබීමයි. නමුත් මෙහි ඇති උපහාසාත්මක තත්ත්වය නම් වසර 74ක් තිස්සේ ක්‍රියාත්මක කළ ණය ගැනීමේ ප්‍රතිපත්තිය නව්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස රනිල් වික්‍රමසිංහ වැන්නන් සඳහන් කිරීමයි.

ඔහු පසුගියදා පැවති ආර්ථික සමුළුවකදී සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමේ කටයුතු ඉදිරියට යන බවයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හැර වෙන විකල්පයක් නැති බවද ඔහු සඳහන් කර තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට විරුද්ධ වෙන කණ්ඩායම් වෙනත් කිසිවක් යෝජනා නොකරන බව ඔහු මෙහිදී චෝදනා කර තිබුණි.

නමුත් රනිල් මේ ආකාරයට බොරු කියන්නේ මේ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට ඔහුට එවැනි බොරු අවශ්‍ය නිසාවෙනි. ඇත්ත තත්ත්වය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට විරුද්ධ කණ්ඩායම් විකල්ප ආර්ථික ප්‍රතිපත්ති රැසක් යෝජනා කර තිබේ. උදාහරණයකට ගෝල්ෆේස් අරගලකරුවන් විසින් ඉදිරිපත් කළ යෝජනාවල එක් යෝජනාවක් වන්නේ රාජපක්ෂලා, රනිල්ලා ඇතුළු දේශපාලන හෙන්චයියන් විසින් සොරා කෑ මුදල් නැවත අයකර ගත යුතු බවයි.

කාටුනය – සජිත් බණ්ඩාර

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...