මලික අබේකෝන් පැහැරගැනීම හා පොලිස් පහරදීමට විරෝධය!

කම්කරු විරෝධතාවකදී මාධ්‍යවේදියකු පොලිසිය විසින් පැහැර ගෙන ගොස් පහරදීම හා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධ විරෝධය දක්වමින් මරදාන පොලිසිය ඉදිරි පිට විරෝධතාවක් පැවැත්වේ.

ඊයේ(7) පැවති සෞඛ්‍ය සේවක විරෝධතාවයකදී නිදහස් මාධ්‍යෙව්දියකු ලෙස ඡායාරූප ගනිමින් සිටි මලික අබේකෝන් පොලිසිය විසින් කිසිදු හේතුවක් නොමැතිව පැහැර ගෙන යන ලදී. මේ වනවිට මරදාන පොලිසියේ රඳවා සිටින ඔහු පහරදීමට ලක්ව ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමද සිදුව නැත.

ඊයේ රාත්‍රියේ වෘත්තිය සමිති ක්‍රියාකාරින් හා නීතිඥවරයකු මරදාන පොලිසිය වෙත ගියද පොලිසිය විසින් මලික හමුවීමට අවස්ථාව ලබා දී නැත. මේ ආකාරයට, පොලිස් භාරයේ සිටින පුද්ගලයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට ඊට අවස්ථාව ලබාදීද මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේපකර ඇත.

වත්මන් ගෝඨාභය රාජපක්ෂ පාලනය කම්කරු අයිතිවාසිකම් යටපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් නොතකා මර්දනකාරී පාලනයක් කරා යමින් සිටින බවට මේ වනවිට පැති ගණනාවකින් අනාවරණය වෙමින් පවතී. පොලිසිය නීතිය සියතට ගෙන විවිධ අවස්ථා ගණනාවකදී ජනතාව තලා පෙළමින් මිනිමරු ක්‍රියාකරිත්වයකට මාරු වෙමින් සිටින අතර මෙම තත්වය වහාම අනාවරණය කරමින් ඊට එරෙහිව ජනතා බලයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...