Breaking News

ස්පුට්නික් වී 100%යි , ඖෂධ මාෆියාව සීතල යුද්ධයක

පසුගිය 2020 අගෝස්තු 11 වන දින රුසියාව විසින් කොවිඩ් -19 ට එරෙහිව ස්පුට්නික් වී නමින් ලොව පළමු එන්නත ලියාපදිංචි කරන ලද අතර වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ “ගමාලියා” මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් විසින් මෙම එන්නත වැඩි දියුණු කරන ලද්දකි.

එන්නත සංඝටක දෙකකින් සෑදී ඇති අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ දැමීම සඳහා එම සංඝටක උපකාරී වේ. දින 21 ක කාල පරාසයක් තුළ එන්නත දෙවරක් දිය යුතු අතර සායනික අත්හදා බැලීම් වලදී කොවිඩ් -19 එරෙහිව එම එන්නත 100% ක ඵලදායිතාවක් පෙන්නුම් කරන එන්නත බව තහවුරු කර තිබේ.

මේ වන විටත් ස්පුට්නික් වී එන්නත ලබාදීමට අවසර ලබාදුන් පළමු යුරෝපා සංගම් රට වන්නේ හංගේරියාවයි. මිට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්ය, ආර්ජන්ටිනාව, බොලිවියාව, සර්බියාව, ඇල්ජීරියාව, පලස්තීනය, වෙනිසියුලාව, පැරගුවේ, ටැස්මේනියාව සහ බෙල් රුසියාව යන රටවල් විසින් ස්පුට්නික් වී භාවිතා කිරීමට අවසර දී ඇත.

2020 ඔක්තෝබර් 13 වන දින සංවර්ධනය කරන ලද එපිවැක්කෝරෝනා පෙප්ටයිඩ එන්නත , COVID-19 ට එරෙහිව රුසියාවේ ලියාපදිංචි කළ දෙවන එන්නතයි . ඊට අමතරව තවත් එන්නතක් රුසියාව විසින් ලියා පදිංචි කර ඇති අතර මේ වන විට ඔවුන් එන්නත් තුනක් පිළිබඳවතවදුරටත් අත්හදා බැලීම් කරමින් පවතී. ෙම එන්නත් සියල්ලම වඩා සාර්ථක ප්‍රතිඵලසොයා බලමින් නැවත නැවත ඒවා අත්හදා බැලීම් වලට ලක්කරමින් ිටින රුසියාව ප්‍රකාශ කරන්නේ දැනට ලෝකයේ පවතින සියලු එන්නත් වලට ඉදිරියෙන් තමන්ගේ එන්නත් කොරෝනා වසංගතය හමුවේ ක්‍රියාත්මක වෙන බවයි.

චුමාකොව් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද තුන්වන රුසියානු COVID-19 එන්නත මේ වන විට දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට භාජනය වෙමින් පවතී. මෙම එන්නතෙහි අක්‍රීය SARS-CoV-2 වෛරසය අඩංගු වේ .මෙම තුන්වන්නත පිළිබඳව ප්‍රකාශ කරන විද්‍යාඥයින් පවසන්නේ SARS-CoV-2 අක්‍රීය වෛරසය ශරීරගත කිරීම හේතුවෙන් රීර ප්‍රතිශක්තිකරණය ඒ හරහා කොවිඩ් -19 වෛරසයද අක්‍රීය කර දැමීම සඳහා ක්‍රියාත්මක වෙන බවයි.

මේ අතර ස්පුට්නික් වී එන්නත නිෂ්පාදනය හා බෙදා හැරීම සඳහා සහාය වන රුසියානු සෘජු ආයෝජන අරමුදල (RDIF) නිවේදනය කර ඇත්තේ යුරෝපා සංගමයට මිලියන 100 ක එන්නත් මාත්‍රාවක් ලබා දීමට 2021 වසරේ දෙවන කාර්තුව වන විට හැකියාව ලැබෙන බවයි.

දැනටමත් යුරෝපා සංගමයේ රටවල් ස්පුට්නික් වී එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඇනයුම් රුසියාවට භාර දීමට නීතිමය සහ දේශපාලන තීන්දු තීරණ ගනිමින් සිටී.

leave a reply