අයිතීන් ඉල්ලූ කාන්තාවන්ට තලේබාන්වරු කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කරයි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී කාන්තාවන් විසින් සංවිධානය කර තිබූ පෙළපාලියකට තලෙබාන් සංවිධානය විසින් කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ලකර තිබේ.

මෙම කාන්තාවන් පවසන්නේ ඔවුන් ජනාධිපති මන්දිරය වෙත පිවිසීමට තැත් කිරීමේදී තලේබාන් භටයන් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

පසුගිය දින කිහිපයේ කාබුල් අගනුවර සහ තවත් ප්‍රධාන නගරයක් වන හෙරාට් හිදී කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් විරෝධතා කිහිපයක්ම පැවත්වී තිබේ.

මෙම කාන්තාවන් ඉල්ලා සිටින්නේ තමන්ට රැකියා කිරීමට සහ රජයේ ප්‍රධාන තනතුරු දැරීමට ඉඩ ලබාදෙන ලෙසයි.

තලේබාන් පාලනය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශ කරන බව පවසා තිබේ. ඔවුන් මීට පෙර පැවසූ පරිදි කාන්තාවන්ට ආණ්ඩුවේ තනතුරු දැරිය හැකි නමුත් ඇමති තනතුරු දැරීමට අවස්ථාව හිමි නොවේ.

ඇෆ්ගනිස්ථානය තුල තලේබාන් පාලනය ස්ථාපිත වූ පළමු මොහොතේ සිට එරට කාන්තාවන් එම පාලනයට විරෝධය දක්වමින් තම අයිතීන් ඉල්ලා විරෝධතාවයේ නිරත වෙමින් සිටියි. ඔවුන් බිය පළකරන්නේ වසර 20ට පමණ පෙර පැවති තලේබාන් පාලනයේදී මෙන් මෙවරත් තම අයිතීන් කඩවෙනු ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...