මම ස්තූතිවන්ත වෙනවා මේ සුහද හමුවට ආරාධනා ලැබීම ගැන.
Brescia නගරය ආශ්‍රිතව කරන Festa ක්‍රියාවලිය අභියෝගාත්මක එකක්.වසර 28ක් අඛණ්ඩව පවත්වාගෙන යෑම විශාල ජයග්‍රහණයක්. ලංකාවේ පවා මෙවැනි ක්‍රියාවලියක් අඛණ්ඩව පවත්වාගෙන යෑම අභියෝගයක්. මේ Festa ක්‍රියාවලිය වෙනුවෙන් මේ ඉන්න සහෝදර සහෝදරියන් හිතවතුන් දක්වන දායකත්වය සුවිශේෂී එකක්.මේ ගැන අපි අවස්ථා ගණනාවකදීම ලංකාවෙදි කතා කරලා තියෙනවා.වසර 28ක් කියන්නේ පුංචි කාලයක් නෙමෙයි. මම දන්නවා මේ ෆේස්තා වැඩසටහන පමණක් නෙවෙයි Brescia- Verona නගරයන් වල සිංහල භාෂාව පදනම් කරගත්ත භාෂා අධ්‍යයන පාසල් පවත්වාගෙන යනවා කියලා.ඒවත් දශක දෙකකට වැඩි කාලයක් පවත්වාගෙන යනවා.ඒවා අභියෝගාත්මක වැඩ.මේවා ජයග්‍රහණ ලෙස මා සලකනවා.
එසේ අදහස් ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා ඉතාලියේ Brescia නගරයේ පැවති සුහද හමුවට සහභාගි වූ අවස්ථාවේදීයි.එම සුහද හමුව සංවිධානය කරනු ලැබුවේ ඉතාලියේ Brescia පෙරටුගාමී සමාජවාදී පක්ෂ සංවිධානය විසිනි.
ඉතාලියේ Brescia නගරය කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව පවත්වන Radio Onda d`Urto ගිම්හාන සැණකෙළිය පවත්වනු ලබනවා.ඒ සඳහා එම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ජීවත්වෙන විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහයෝගය දක්වනවා.මෙවර ගිම්හාන සැණකෙළිය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වූ සියලු දෙනා ඒකරාශී කර පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට යුරෝපා සංචාරයක නියැලෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයට ද ආරාධනා ලැබ තිබුණා. ඔහු එම අවස්ථාවට සම්බන්ධව සිටි පිරිස අමතා කෙටියෙන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් බෙදා ගැනීමක් සිදුකළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම් සහෝදරයා….
මේ ඒකරාශී වෙලා ඉන්න අය හැමෝම ලංකාව සමඟ බොහොම කිට්ටු සම්බන්ධ තා තියෙන අය. ඒ නිසා ලංකාවේ පවතින තත්ත්වය නිරන්තරයෙන්ම ඔබට සංවේදීයි . මේ ලංකාවට අලුත් ආණ්ඩුවක් පත්වෙලා තියෙන වෙලාවක්. අපිත් සම්බන්ධ වෙලා හිටපු ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන NPP ආණ්ඩුවක් පවතින්නේ. අපි 2011 දී ඇතිවෙච්ච දේශපාලන ගැටලුු නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා පෙරටුගාමී සමාජවාදී උපක්ෂය නිර්මාණය කරනවා.

කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විශාල ජයග්‍රහණයක් එක්ක ජනතා විමුක්ති පෙරමුණු නායකත්වය දෙන මේ ආණ්ඩුව බලයට පත්වෙනවා. මෙතෙක් කල් රටේ ආණ්ඩු කළේ ප්‍රභූ පැලැන්තියේ අය.අපි සාමාන්‍ය ජනතාවගේ දූ පුත්තු. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නෙත් එහෙම අය. අනුරත් එහෙමයි.මේ වෙද්දී දැවැන්ත වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. අපි ඒ වෙනස පිළිගන්න ඕනා. ප්‍රභූ පැලැන්තිය යටතේ තිබුණු පාලනය ප්‍රථම වතාවට සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් පාලනය කරන වසරත් අපි ගෙවලා තියෙනවා.
මේක ලංකා ඉතිහාසයේ සුවිශේෂී වෙනසක් සුවිශේෂී සන්ධිස්ථානයක් . අපි බොහොම විවෘත මනසින් ඒ වෙනස පිළිගන්න ඕන . මේ සුවිශේෂී වෙනස නිසාම 76 වසරක් ප්‍රභූ පාලනය යටතේ පැවති දේවල් වෙනස් වෙයි කියල විශ්වාසයක් තිබුණා . එත් ඒක තාමත් තියෙනවා . වසරක් ගත වුණත් තව වසර හතරක් තියෙනවා. ඒ වසර හතරෙදි හරි ඒ වෙනස සිද්ධ කරයි කියලා තවමත් බලාපොරොත්තු තියාගත්තු පිරිසක් ඉන්නවා. අලුත් ආණ්ඩුවක්. ආණ්ඩු කරල පුරුදු නැහැ. අත්දැකීම් අඩුයි. මේ අවුරුද්ද මෙහෙම ගියාට ඉදිරි කාලයේදී ලොකු වෙනසක් සිද්ද කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුව ජනතාවට තියෙනවා . ජනතාවට තියෙන ඒ බලාපොරොත්තුව අපි නිවැරදිව තේරුම් ගන්නවා වටහා ගන්නවා .
හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා . ඒ ප්‍රශ්නය තමයි ජනතාව ඉල්ලුවේ ආර්ථිකයේ වෙනසක් , ආදායම් වල වෙනසක් ,ජනතාවගේ ජන ජීවිතයේ මීට වැඩිය යහපත් වෙනසක්, ඒවා සිද්ධ වෙන්න ඕන . මත්කුඩු වංචා දූෂණ සම්බන්ධයෙන් යමක් සිද්ධ වෙනවා නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් යමක් වෙලා නැහැ .. කෙනෙකුට කල්පනාවෙන්න පුළුවන් අලුත් ආණ්ඩුවක් ආපු සැනින් ලොකු මැජික් කරන්න බැහැ ලොකු ලොකු දේවල් කරන්න බැහැ කියලා . අපි කල් දෙන්න ඕනා කියලා හිතෙන්න පුළුවන් .
නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපට තියෙන ප්‍රශ්නය තමයි වෙනස් කරන්න ගන්න තියෙන ආර්ථිකමය ප්‍රතිපත්ති තීරණ කිසිවක් තවමත් අරන් නැති එක . රනිල් වික්‍රමසිංහ 2022 සිට ඉදිරියට අරගෙන ආපු ප්‍රතිපත්ති එලෙසම පවත්වාගෙන යෑම ළිබඳව තමයි අපට විවේචනය තියෙන්නේ.
ඉරානයෙන් තෙල් දෙන්න හදනවා අඩු මිලට , ඉරානයෙන් අපේ තෙල් පිරිපහදුව ඔවුන්ගේ වියදමින් හදා දෙන්න හදනව , අඩු මිලට පලතුරු දෙන්නම් කියනවා මේ ඔක්කොම ආණ්ඩුව එපා කියනව . මේක බොහොම වගකීමෙන් කියන්නෙ . ඇයි ආණ්ඩුව එපා කියන්නේ ඒකට හේතුව තමයි ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පක්ෂපාතීත්වය ඇතිව . එනිසා ඉන්දියාව ඇවිදින් බලහත්කාරයෙන් යුද ගිවිසුම් ගහනවා . ඇමෙරිකාව කියනවා චීනය එක්ක වැඩි සබඳකම් පවත්වන්න එපා කියලා . මෙන්න මෙතනදි ආර්ථික ප්‍රතිපත්තිය පමණක් නෙමෙයි විදෙස් ප්‍රතිපත්තියත් ප්‍රශ්නකාරී යි . ඒ විතරක් නෙමෙයි මෙතෙක් අත්සන් කර තිබෙන නරකම අවාසි සහගත ගිවිසුම් අත්සන් කරලා තියනවා අනුර කුමාර දිසානායක . මේ අත්සන් කරලා තියෙන ගිවිසුම් වලට අනුව අපේ ශක්තිමත් වුනොත් වැඩියෙන් ණය ගෙවන්න ඕනා . අඩුවුණොත් අඩුවෙන් ගෙවන්න පුළුවන් . බංකොලොත් වෙච්ච කිසිම රටක් මේ විදියේ ගිවිසුම්වලට එකඟ වෙලා නැහැ .. මෙවැනි ගිවිසුම් අත්සන් කරපු ඉක්වදෝරය , ග්‍රීසිය , ගානාව, ආජේන්ටිනාව මේ කිසිම රටක් මේ විදිහේ කොන්දේසි වලට යටත් වෙලා නෑ .. මේ කොන්දේසි අනුව අපිට මේකෙන් ගැලවෙන්න බැහැ .
තත්ත්වය බොහොම නරක වුණත් අපේ උපක්‍රමය තමයි පරණ අවතාර වලට නැවත බලයට එන්න ඉඩ තියන්නේ නැතිව සිටීම . ජනතාව මේ ගත්තු ප්‍රවේශය අපි තව ඉස්සරහට අරගෙන යන්න ඕන . එහෙම නැතුව ඒක ආයේ පරණ බලවේග වලට අත්පත් කරගන්න ඉඩ තියන්න හොඳ නැහැ .. හැබැයි මේ ආණ්ඩුව කරන සමහර වැඩ නිසා ඒ අයට ඉක්මනටම ප්‍රතිසංවිධානය වෙමින් එන්න පුළුවන් අවස්ථාවක් හම්බෙලා තියෙනවා .මේ ආණ්ඩුවේ වැරදි නිසා ඒගොල්ලෝ වේගයෙන් ප්‍රතිසංවිධානය වෙනවා. ඒක අපිට තියෙන අවාසි සහගත තත්ත්වයක්. අපි ඒ නිසා තුන්වෙනි තැන ඉන්නේ. අපි පරණ අයට එන්න ඉඩ දෙන්නෙ නැහැ කියන තැන ඉන්නවා ඒවගේම මේ ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමේ තැනට තල්ලු කරන උවමනාව අපිට තියෙනවා. ඒ නිසාම ආණ්ඩුව ගන්න වැරදි තීන්දු ජනතාව ඉදිරියේ විවේචනය කරන්න අපි පැකිලෙන්නේ නැහැ . අන්න ඒ පදනමින් තමයි අපේ දේශපාලනය ඉස්සරහට යන්නේ .
ඒවගේම අපිට එකතුවෙලා කරන්න යමක් නෑ. ඒකත් මෙතනදි කියන්න ඕනා . එකතු වෙලා කරන්න යමක් නැහැ කියලා අපි කියන හේතුව ඒගොල්ලො යන්නේ දකුණට අපි යන්නේ වමට නිසයි. වමේ පැත්ත තමයි සියල්ල රකින පැත්ත . දකුණේ පැත්ත තමයි පුළුවන් තරම් ලාභ හොයන පැත්ත. ඉතින් දැන් ජවිපෙ දකුණට හැරෙමින් ඉන්නවා . එනිසා අපිට එකට ගමනක් නැහැ .. අපිට වගකීමක් තියෙනවා චන්දෙ දුන්නු ජනතාව වෙනුවෙන් පුළුවන් තරම් මේ අයව ජනතාවාදී ජයග්‍රහණ ලබා ගැනීමේ දිසාවට තල්ලු කරන් යන්න .
එනිසා අපි ඉන්දියාව ඇවිල්ලා මන්නාරම අල්ලගන්න යද්දි කොන්දේසි විරහිතව සටන් කරනවා . ත්‍රිකුණාමලයේ අත්පත් කරගන්න සැලසුම් හදද්දී අපි ඒවට විරුද්ධව සටන් කරනවා . අපි කිසිදු පැකිලීමකින් තොරව ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා . අපි ආයෙත් ඉන්නෙ සටන් කරන පැත්තෙ . මේ Brescia ජනතාවට අපි බොහොම වගකීමෙන් කියනවා අපේ වගකීම අත්හරින්නේ නැතිව ජනතාව වෙනුවෙන් අභියෝග වලට මුහුණ දී එදා ආණ්ඩුත් එක්ක හැප්පුනා වගේම ජනතාව වෙනුවෙන් සටන් කරන බව.











