Breaking News

ANFRELජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා සිය අභිප්රාය ප්රකාශ කරයි .

නිදහස් මැතිවරණ සඳහා වූ ආසියානු ජාලය (ANFREL) ශ්රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සමඟ අද, 2024 මාර්තු 26 වන දින පැවති සාකච්ඡාවකදී එළඹෙන 2024 ශ්රී ලංකා ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සදහා වන සිය අභිප්රාය ප්රකාශ කර සිටින ලදී.

ප්රජාතන්ත්රිය මැතිවරණ සදහා වන අන්තර්ජාතික මූලධර්ම ප්රවර්ධනය කරමින් ANFREL සංවිධානය විසින් 2001 වර්ෂයේ සිට ශ්රී ලංකාවේ පවත්වන ලද මැතිවරණ 12 ක් නිරීක්ෂනය කර ඇත. ANFREL සංවිධානය යනු ප්රවර්ධනය සහ උද්දේශනය, ධාරිතා සංවර්ධනය සහ මැතිවරණ නිරීක්ෂණය මගින් ප්රජාතන්ත්රීය මැතිවරණ ආරක්ෂා කිරීමටත්, සුරක්ෂිත කිරීමටත්, කැප වී කටයුතු කරන කලාපීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වේ.

ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව, ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාසයකට නොඅඩු සහ මාස දෙකකට නොවැඩි කාලසීමාවක් තුළ වේ. ඒ අනුව වත්මන් ජනාධිපති ධූර කාලය 2019 නොවැම්බර් 18 දින ආරම්භ වූ බැවින්, 2024 ඔක්තෝබර් 17 හෝ ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්යය කරුණක් වේ.

ඉදිරි ශ්රී ලංකා මැතිවරණවලදී අප අපේක්ෂා කරන පරිදි, ප්රජාතන්ත්රවාදී මැතිවරණවල ජාත්යන්තර ප්රමිතීන් ආරක්ෂා කිරීම සඳහා වැදගත් පියවර ගැනීම අප අපේක්ෂා කරන අතර, එහිදී සියලු පාර්ශ්වකරුවන්ට වගවීම, විනිවිදභාවය, සහිතව නිදහස්ව සහ සාධාරණව මැතිවරණ ක්රියාවලීන්ට සහභාගී වීමේ ඉඩකඩ සැලසීම අවශ්ය වේ.

ANFREL සංවිධානය විසින් ශ්රී ලංකාව තුළ සම්බන්ධ වූ පෙර කටයුතු වලදී, මැතිවරණ ප්රචාරක මූල්ය රෙගුලාසි, වෛරී ප්රකාශ සහ වැරදි සහ අසත්ය තොරතුරු වලට එරෙහි වීම සහ සංක්රමණික කම්කරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම ඇතුළු මූලික මැතිවරණ ප්රතිසංස්කරණ ඉස්මතු කර ඇත.

මූල්ය ප්රචාරක වියදම් නියාමනය කිරීමට සහ මැතිවරණ අපේක්ෂකයින් අතර සම මට්ටමේ තරග බිමක් සැපයීමට අපේක්ෂා කරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ANFREL සංවිධානය විසින් පිළිගැනීමට ලක්කර සිටී. එළැඹෙන ජනාධිපතිවරණ සමයේදී මෙම නීති ක්රියාත්මක කරන ආකාරය නිරීක්ෂණය කිරීමටත්, එමඟින් මැතිවරණ ක්රියාවලියේ සුපිලිපන්නභාවය ශක්තිමත් කිරීමටත්, මුදල් මත පදනම් වූ අහිතකර දේශපාලන බලපෑම් අවම කිරීමටත් ANFREL සංවිධානය කැපවී සිටී.

ANFREL සංවිධානය නිර්දේශ කර සිටින්නේ, මැතිවරණ කොමිෂන් සභාව සහ අන්තර්ජාල වේදිකා අතර අඛණ්ඩ සහයෝගය පවත්වාගැනීම තුළින්, වෛරී ප්රකාශ, වැරදි සහ අසත්ය තොරතුරු මැතිවරණය අතරතුර අන්තර්ජාලය හරහා ව්යාප්තවිමත් සමඟ ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසයි. මැතිවරණ කාලසීමාව තුළ තොරතුරු පද්ධතිය දූෂණය කරන තොරතුරු මෙහෙයුම් ආමන්ත්රණය කිරීම සදහා පවතින වෙනත් අවස්ථා පිළිබදව ANFREL සංවිධානය සොයා බලයි.

මිලියන 15 කට අධික ශ්රී ලාංකිකයන් ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති නමුත් එතෙර සිටින ශ්රී ලාංකිකයින්ට, විශේෂයෙන් සංක්රමණික සේවකයින්ට තවමත් ඡන්දය ප්රකාශ කිරීමට හැකියාවක් නැත. ඔවුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සහ රටින් පිටත ඡන්දය ප්රකාශ කිරීම සඳහා අවශ්ය කටයුතු සම්පාදනය කිරීම ඉතා වැදගත් වේ. ඡන්ද කොට්ඨාසයෙන් බැහැර ඡන්දදායකයින් සහ මැතිවරණ දිනයේ වැඩ කරන පුද්ගලයින් සඳහාද පූර්ව ඡන්ද යාන්ත්රණය පුළුල් කළ යුතුව ඇත.

අවසාන වශයෙන්, පළාත් පාලන ආයතන හා පළාත් සභා මැතිවරණවල දීර්ඝ ප්රමාදය, නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීම සඳහා ආණ්ඩුව දක්වන කැපවීම පිළිබඳ කනස්සල්ල මතු කරයි. නියමිත වේලාවට ජනාධිපතිවරණය සංවිධානය කිරීමට අවශ්ය තරම් සම්පත් මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙස ANFREL සංවිධානය ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

ශ්රී ලංකා රජය විසින් අත්සන් කර සහ අපරානුමත කරන ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය (UDHR) සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතිය (ICCPR) යටතේ ජාත්යන්තරව පිළිගත් විධිමත් සහ නිසිකලට මැතිවරණ පැවැත්වීම විශ්වීයව පිළිගන්නා ලද මානව අයිතිවාසිකම් වේ. ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දක්වා ඇති පරිදි සහ ජාත්යන්තර සහ දේශීය නීතිවලට අනුගතව, ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීම සහ ජනාධිපතිවරණය මෙන්ම ප්රමාද වූ මැතිවරණ පැවැත්වීමට පියවර ගැනීම ද අත්යවශ්ය වේ.

ANFREL සංවිධානය එහි මූලස්ථානය බැංකොක් හී පිහිටා ඇති ජාත්යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන අතර, මැතිවරණ නිරීක්ෂණය, දේශීය නිරීක්ෂක ධාරීතාවයන් වැඩි දියුණු කිරීම සහ පර්යේෂණ සහ උද්දේශන පැවැත්වීම තුළින් ආසියාවේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම ප්රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා 1997 දී පිහිටුවන ලදී. පසුගිය වසර 27 තුළ, මියන්මාරය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ ශ්රී ලංකාව වැනි සංක්රාන්තික ප්රජාතන්ත්රවාදී අවධීන් තුළ සිටින රටවල ප්රධාන මැතිවරණ ඇතුළුව, අප ආසියාව පුරා මැතිවරණ 75ක් නිරීක්ෂණය කර ඇත.

වැඩිදුර තොරතුරු සදහා
චාන්දනී වටවල, විධායක අධ්යක්ෂ, ANFREL සංවිධානය
chandanie@anfrel.org, +666317543221

leave a reply