කොළඹ සහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට ලබාගෙන, අනෙකුත් සියලු ම දෙනාගේ සහාය ලබාගෙන කොළඹ නගරවාසින්ට අවශ්‍ය වුවමනා ඉටු කරගැනීමට හැකි නගර සභාවක් බවට කොළඹ නගර සභාව පත් කිරීමට තම පක්ෂයට විශ්වාසයක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසා තිබේ.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
කොළඹ නගර සභාවේ බලය ඇල්ලීම සම්බන්ධයෙන් පොහොට්ටු, අලි සහ ටෙලිෆෝන් එකට එකතුවී තිබේ. ඔවුන් දැන් කියන්නේ කොළඹ නගරවාසීන්ගේ ජිවිත සුඛිත මුදිත කිරීම ඔවුන්ගේ අරමුණ බවයි. කොළඹ නගර සභාවට ඉතා විශාල ආදයමක් ලැබේ. නමුත් නගරවාසීන්ට පහසුකම් සැලසීමට ඉන් සොච්ච්චමක් හෝ වියදම් කරන්නේ නැත.
පසුගිය වසර 50ක පමණ කාලය පුරා කොළඹ නගර සභාව පාලනය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය විසිනි.
නමුත් නගරයේ හරියාකාරව කසළ කළමනාකරණයක් සිදුවන්නේ නැත. කාණු පද්ධතිය නඩත්තු වන්නේ නැත. විශාල ජනතාවක් ඉතා අවම පහසුකම් සහිත නිවාසවල ජිවත වේ. කාණු පද්ධතිය නඩත්තු නොකිරීම නිසා බෝවන රෝග විශාල වශයෙන් පැතිරේ.
හිටපු වසර ගණනාවකටම නොකළ දේ දැන් අලුතෙන් පැමිණ කරන බව පොරොන්දු වීම විහිළුවකි.