දේශබන්දු වැරදිකරුලු – පොලිස්පතිකමෙන් විතරක් අයින්කරලා නිකන් ඉඳියිද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහිව චෝදනා වලට වරදකරු බව විශමාචාර සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කල කමිටු සිය වාර්තාවෙන් දැනුම් දී තිබේ.

ඒ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකලා යැයි පැවසෙන විශමාචාර හා සිය ධුරයේ බලතල වැරදි ලෙස යොදා ගැනිම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරිම පත්කල පරීක්ෂණ කමිටුවේ සභාපති ධුරය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනයි.

අල්ලස් දුෂණ චෝදනා කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක යන අය එහි සෙසු සාමාජිකයින් වේ.

දේශබන්ධු තෙන්නකෝන් සිදුකළ විෂමාචාර සම්බන්ධයෙන් ඔහුව වැරදිකරු බව ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔහුට එම විෂමාචාර සම්බන්ධයෙන් නඩු පවරා දඬුවම් ලබාදීමද සිදුකළ යුතුය.

මෙම පරීක්ෂණ වාර්තාවල අවසන් ප්‍රථිපලය දේශබන්දු වැනි කෙනෙකු වැරදිකරු බව ප්‍රකාශ කර පොලිස්පති ධූරයෙන් ඉවත්කිරීමෙන් නැවතිය යුතු නැත.

දේශබන්දුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පමණක් සිදුවෙනු ඇති බවට සාධාරණ සැකයක් මතුවන්නේ ඔහු පැමිණ බාරවෙන තුරුම ඔහුව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීම මෙන්ම ඔහු ටිරාන් අලස්ගේ ගජ මිතුරෙකු වීම නිසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...