දේශබන්දු වැරදිකරුලු – පොලිස්පතිකමෙන් විතරක් අයින්කරලා නිකන් ඉඳියිද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහිව චෝදනා වලට වරදකරු බව විශමාචාර සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කල කමිටු සිය වාර්තාවෙන් දැනුම් දී තිබේ.

ඒ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකලා යැයි පැවසෙන විශමාචාර හා සිය ධුරයේ බලතල වැරදි ලෙස යොදා ගැනිම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරිම පත්කල පරීක්ෂණ කමිටුවේ සභාපති ධුරය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනයි.

අල්ලස් දුෂණ චෝදනා කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක යන අය එහි සෙසු සාමාජිකයින් වේ.

දේශබන්ධු තෙන්නකෝන් සිදුකළ විෂමාචාර සම්බන්ධයෙන් ඔහුව වැරදිකරු බව ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔහුට එම විෂමාචාර සම්බන්ධයෙන් නඩු පවරා දඬුවම් ලබාදීමද සිදුකළ යුතුය.

මෙම පරීක්ෂණ වාර්තාවල අවසන් ප්‍රථිපලය දේශබන්දු වැනි කෙනෙකු වැරදිකරු බව ප්‍රකාශ කර පොලිස්පති ධූරයෙන් ඉවත්කිරීමෙන් නැවතිය යුතු නැත.

දේශබන්දුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම පමණක් සිදුවෙනු ඇති බවට සාධාරණ සැකයක් මතුවන්නේ ඔහු පැමිණ බාරවෙන තුරුම ඔහුව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීම මෙන්ම ඔහු ටිරාන් අලස්ගේ ගජ මිතුරෙකු වීම නිසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...