සුනාමි පෙර දැනුම් දීම් කුළුණු බහුතරයක් අක්‍රීයයි

මිට වසර 19ට පෙර අපේ රටේ ජන ජිවිතවලට විශාල බලපෑමක් එල්ල කළ සුනාමි ව්‍යසනය නැවත ඇති වුවහොත් එවැනි තත්ත්වයකට මුහුණ දීමට අප කොතරම් සූදානම්ද යන ප්‍රශ්නය මතුව තිබේ.

සුනාමි ඛේදවාචකයෙන් පසු මෙරට වෙරළබඩ ආශ්‍රිත දිස්ත්‍රික්ක 14ක ඉදි කරනු ලැබූ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු 77 න් කුළුණු 57 ක් මේ වනවිට අක්‍රීය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙම සුනාමි පුර්ව අනතුරු ඇගවිමේ සංඥා කුළුණු සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඇමරිකානු සමාගමක් විසින් ලබාදී තිබූ අතර, සමාගම විසින් තාක්ෂණික පහසුකම් ලබාදී තිබු සැටලයිට් උපකරණය එහි ජීව කාලය අවසන් විම නිසා කඩාගෙන වැටී ඇති අතර, මෙම සංඥා කුළුණු පවත්වාගෙන යාම සඳහා රජයට විශාල මුදලක් දැරීමට සිදුවීම නිසා මෙම තාත්තය ඇතිව තිබෙන බව වාර්තා වේ.

ජාතික විගණන කාර්යාලය මගින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වන්නේ, මිලියන 32ක් වැයකොට මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන 05ක ඉදිකොට තිබූ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු අක්‍රීය තත්ත්වයක පවතින බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...