ඇමසන් වැසි වනය එහි සුවිශේෂී ලක්ෂණ සියල්ල අහිමි වෙමින්, එය සැවානා තණ බිමක් බවට පත්වීමට නියමිත බව හෙළිදරව් වී තිබේ. නවතම පර්‍යේෂණ පෙන්වා දෙන ආකාරයට මේ වෙනස්වීම අපේක්ෂිත කාලවකවානුවට වඩා කලින් සිදුවනු ඇත. ඇමසන් වැසි වනාන්තරයේ 40%ක පමණ දැන් ඇත්තේ වැසි වනාන්තරයකට වඩා සැවනා තත්වයක් බව Nature Communications ජර්නලයේ ප්‍රකාශිත අධ්‍යයනයක කියැවේ.
වැසි වනාන්තරයකින් සැවැන්නාවක් වෙත වෙනස් වීමේ දී සම්පූර්ණ විපාකය ම අත්විඳින්නට තවත් වසර ගණනාවක් යනු ඇතත්, එය ඇරැඹි පසු ආපසු හරවන්නට ඉතා අපහසු ය. සැවනා තණ බිමකට වඩා වඩා විශාල සත්ත්ව කොට්ටාශ ප්‍රමාණයකට වැසි වනාන්තර නිවහන සදයි. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණයේ දී ද වැසි වනයකට ළං කිරීමටවත් සැවනා තණ බිමකට හැකියාව නැත.
වෙනස්වන කාලගුණය හේතුවෙන ඇමසන් වැසිවනාන්තරයට දැන් ලැබෙන්නේ ඉතා අඩු මට්ටමක වැසි ප්‍රමාණයකි. දැනටමත් වැසි වනාන්තරයෙන් 40%ක ප්‍රමාණයක් මේ ඉරණමට මුහුණ දී ඇති බව මෙම අධ්‍යයනය සිදුකළ Stockholm Resilience Centre පරිගණක ආදර්ශ සහ දත්ත විශලේෂණය මගින් කියා සිටියි.
ඇමසන් වැසි වනයේ වැඩිම කොටසක් අයත්ව තිබෙන්නේ බ්‍රසීලයට ය. නමුත් බ්‍රසීලයේ ජනපති පදවියට පත් වූ ජෙයර් බොල්සොනාරෝ ඇමසන් හි සතුරෙකු සේ මුල පටන්ම ක්‍රියා කරන බව දැකගන්නට ලැබුණේය. ඔහුට මේ පිළිබඳ අනතුරු අඟවා තිබුණේ වරක් දෙවරක් නොවේ.ඊට අමතරව ගතවූ වසරේදී ඇමසන් වනය අති දැවැන්ත ලැව්ගිනිවලට ද නතු විය. 2020 වසරේදී දැක ගන්නට ලැබුණේ එම ලැව්ගිනිවල 60%ක වර්ධනයකි. මේ අනුව ඇමසන් වැසි වනය මේ වසරේදී පසුගිය දස වසර තුළ ඇති වූ දරුණුතම ලැව්ගිනිවලට මුහුණ දී පිළිස්සී ගියේය.
මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවර ඇරී ස්ටාල් මෙහිදී විශේෂ කාරණයක් ද සඳහන් කරයි. එනම්, වැසි වනාන්තර යහපත් දේශගුණයකදී තමන්ගේම වැසි නිපදවා ගත්ත ද අයහපත් දේශගුණයක දී වේළී යාමට ඉඩ හරින බවයි. ඒ අනුව ඇමසන් වනය දැන් සිටින්නේ වියළී යාමේ තීරණයක ය.
“යම් ප්‍රදේශයක් හරහා වැසි වනාන්තරයක් වර්ධනය වන්නේ නම්, වැසි ද එ සමග ම වර්ධනය වනවා,” ඔහු පැහැදිලි කරයි. එහෙත් විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ වුවහොත්, වැසි වැටීම ද ඒ සමග ම අවම තත්ත්වයට පැමිණෙනවා. මේ, අඩුවන වායුගෝලීය තෙතමනය ප්‍රතිචක්‍රීකරණය (atmospheric moisture recycling) පරිගණක ආදර්ශ මගින් නැවත නිර්මාණය කර මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අපි ලබාගත්තා..‘‘ යැයි ඔහු පවසයි.
සියලු මහද්වීපවල තිබෙන වැසි වනාන්තරවල ඉරණම මෙය බව තමන්ට වැටහෙන්නේ යැයි ද පර්යේෂකයෝ පවසති. ‘‘සියලු මහාද්වීපවල තිබෙන වැසි වනාන්තර ගෝලීය වෙනස්කම්වලට අතිශයින් සංවේදී බවත්, ඒවායේ අනුවර්තනය වීමේ හැකියාව සීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බවත් අපට වැටහේ. ක්ෂීණ වී ගිය පසු මුල් තත්වයට පත් වීමට ඒවාට දශක ගණනාවක් ගත වනු ඇති.‘‘
සියලු ගෝලීය ජීව විශේෂ ධාරණය කරගෙන සිටින නිසා වැසිවනාන්තර වල මෙම ඉරණම, මිහිතලයේ සදාකාලික අහිමිවීමක් බවට පත් වනු ඇත.
අවුට්බවුන්ඩ් ටුඩේ ඇසුරිණි