නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩයට එරෙහි උද්ඝෝෂණයක්

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩය වහා අහෝසි කරන ලෙස බලකෙරෙන ඒකාබද්ධ උද්ඝෝෂණයක් ඊයේ (07/01) ගම්පහ නගරයේදී පැවැත්වුනි.

මෙහිදී අදහස් දැක්වූ රත්කරව්වේ ජිනරතන හිමි පැවසුවේ ආසිරි – අබර්ඩින් හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් යන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සියලුම පුවත්පත්වලට නිවේදනයක් නිකුත් කරමින් ආසිරි – ඇබර්ඩීන් විසින් ලබාදෙන උපාධියට වෛද්‍ය සභාවේ පිළිගැනීමක් ලබා නොදෙන බව නිවේදනය කර ඇති බවද එම හිමියන් පැවසීය. එසේම බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා මෙම විශ්ව විද්‍යාලය ගැන නොදන්නා බවත් එය බොරු චෝදනාවක් බව පැවසුවත් එයට අදාළ ප්‍රවර්ධන කටයුතු සිදුවෙමින් පවතින බවද ජිනරතන හිමි පවසයි.

“අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ජනතා අයිතීන් කොල්ල කෑමට උත්සාහ කරන්නේ නම් ජනතාව ලෙස අපි නිකම් ඉන්නෙත් නැහැ. ඒ වගේම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම මේ උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව ආසිරි – ඇබර්ඩීන් අහෝසි කරන්න සූදානම් නැත්තනම් අපි සියලු බලවේග සමඟ එකතුව ඒ උපාධි කඩය මහ පාරේ අරගලයකින් අහෝසි කරනවා. “

මේ සඳහා විශ්වවිද්‍යාල සිසුන්, ස්වාධීන ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති, බහුජන සංවිධාන කිහිපයක් සම්බන්ධ විය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...