නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩයට එරෙහි උද්ඝෝෂණයක්

නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන ආසිරි – ඇබර්ඩීන් උපාධි කඩය වහා අහෝසි කරන ලෙස බලකෙරෙන ඒකාබද්ධ උද්ඝෝෂණයක් ඊයේ (07/01) ගම්පහ නගරයේදී පැවැත්වුනි.

මෙහිදී අදහස් දැක්වූ රත්කරව්වේ ජිනරතන හිමි පැවසුවේ ආසිරි – අබර්ඩින් හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් යන බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සියලුම පුවත්පත්වලට නිවේදනයක් නිකුත් කරමින් ආසිරි – ඇබර්ඩීන් විසින් ලබාදෙන උපාධියට වෛද්‍ය සභාවේ පිළිගැනීමක් ලබා නොදෙන බව නිවේදනය කර ඇති බවද එම හිමියන් පැවසීය. එසේම බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා මෙම විශ්ව විද්‍යාලය ගැන නොදන්නා බවත් එය බොරු චෝදනාවක් බව පැවසුවත් එයට අදාළ ප්‍රවර්ධන කටයුතු සිදුවෙමින් පවතින බවද ජිනරතන හිමි පවසයි.

“අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ජනතා අයිතීන් කොල්ල කෑමට උත්සාහ කරන්නේ නම් ජනතාව ලෙස අපි නිකම් ඉන්නෙත් නැහැ. ඒ වගේම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම මේ උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව ආසිරි – ඇබර්ඩීන් අහෝසි කරන්න සූදානම් නැත්තනම් අපි සියලු බලවේග සමඟ එකතුව ඒ උපාධි කඩය මහ පාරේ අරගලයකින් අහෝසි කරනවා. “

මේ සඳහා විශ්වවිද්‍යාල සිසුන්, ස්වාධීන ලංකා ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති, බහුජන සංවිධාන කිහිපයක් සම්බන්ධ විය.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...