තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන වැඩපිළිවෙලක් නැහැ – බස්නාහිර පළාත් ජනතාව අසරණයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය ලබා ගැනීමට වැඩපිළිවෙලක් මෙතෙක් නොමැති කම නිසා බස්නාහිර පළාතේ ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. විශාල බඩු ප්‍රමාණයක් එකවර මිලදී ගත නොහැකි අඩු ආදායම් ලාභී ජනතාව මේ අතරින් කැපී පෙනේ.

එසේම ඇඳිරි නීතිය සඳුදා (02) ඉවත්කරන බව රජය මුලින් නිවේදනය කළ අතර අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස්කිරීමේ අවශ්‍යතාවයක් නැති බව යුධහමුදාපතිවරයා මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම නිසා මුදල් ඇති බොහෝ දෙනෙක්ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය මිලදී ගෙන තිබුණේ දින තුන හතරකට පමණි. එහෙත් ඇඳිරි නීතිය සතියකින් දීර්ඝ කිරීම නිසා බොහෝ පිරිසක් අසරණව සිටියි.

කුඩා පරිමාණ වෙළඳ සැල් විවෘත කිරීමට රජය ඉඩ ලබා නොදෙමින් ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ද්‍රවය බෙදා හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි. නමුත් බස්නාහිර පළාතේ බොහෝ තැන්වල චූන් පාන් වාහන හැරෙන්නට වෙන කිසිම බෙදාහැරීමක් සිදු නොවන බව ජනතාව පවසයි. ඊට අමතරව කුඩා වෙළඳ සැල් අවසරයකින් තොරව පවත්වාගෙන ගිය වෙළඳාමද ඇනහිට ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග අවසන්වීම නිසයි.

කොවිඩ් 19 වසංගතය මැඩලීමට මෙන්ම රටේ අනෙකුත් කටයුතු පවත්වාගෙන යාමටද ආණ්ඩුව වැඩපිළිවෙලක් නොමැති බව පැහැදිලි වන බව ජනතාවගේ අදහස වී තිබේ. ආණ්ඩුව එක්වරකට ඇඳිරි නීතිය නොදමන බව කියයි. තවත් වරෙක ඇඳිරි නීතිය දමන බව කියයි. එසේම භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලියේදී අවස්ථාව ලබාදෙන්නේ සුපිරි වෙළඳ සැල්වලට පමණක් බව පවසයි. සුපිරි වෙළඳ සැල් හරහා බඩු විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට නොහැකි ජනතාව ගැන කිසිවක් නොකියයි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...