පාටකට පුලුවන්ද ජීවිතය පුරවන්න

කුඩා කළ දුටු ජන්ම පත්‍රය
කියා සිටියා ජය වර්ණය
වෙන්නේම ලා නිල

උදෑසන අහසක
වලා කැටි තල්ලුකර ඈතට
ඉතිරිකර ගතිමි ලා නිල

වාරකන් නොවන සයුරක
සිහින් රැළිති මාලා ඉවත්කර
උරා ගත්තෙමි ලා නිල

කටරොළු මලක
වියපත් වෙන්න ඉස්සර
නෙලා ගත්තෙමි ලා නිල

දමා ගිය මොණර පියපතක
දූලි වැකෙන්නට පෙර
රැකගතිමි ලා නිල

හේතුව සඟවා සැමටම
නිදන කාමරේ බිත්ති
පින්තාරු කෙළෙමි ලා නිල

එක්තරා යුග අතීතෙක
හැඩයි කීවෙමි ඔබව
ගවුමකට පාටැති ලා නිල

අඳුරු පෑ මතකාන්දරයක
අදටත් ඉතිරිව හාත්පස
පරාජිත හිසින් බිම බලාගෙන
අහස් පාටැති ලා නිල

කපිල එම්. ගමගේ

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...