වීසා ප්‍රශ්නයෙන් හර්ෂට එල්ල වෙන තර්ජන ගැන හොයන්න ටිරාන් ඉදිරිපත් වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කරන ලද නියෝගයක් මත එම තීරණය ගෙන තිබෙන බව සඳහන් වේ.

මුදල් කාරක සභාවේ සභාපතිකම අභියෝග රැසක් මද්‍යයේ භාරගනු ලැබු බව ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා පවසා සිටියා.

තමාට කාර්යාලයක් නොමැති බවත්, සේවය කිරීමට ඇත්තේ තිදෙනෙකු පමණක් බවත් සඳහන් කර සිටි හර්ෂ ද සිල්වා ඇතැම් විට ඔවුන්ට තම පෞද්ගලික මුදලින් වැටුප් ගෙවන බවද සඳහන් කළා.

එමෙන්ම ගල් අඟුරු ප්‍රශ්නය, සීනි වංචාව හා මහ බැංකුවේ වැටුප් ප්‍රශ්න පිළිබඳව මුදල් කාරක සභාවෙන් දිගින් දිගටම කතා කළ බවත් පැවසු මන්ත්‍රීවරයා, තමා ප්‍රශ්න රැසකට මැදි වූ බවද පැවසුවා.

ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන්ද එවැනිම තත්ත්වයක් ඇති වූ බවත් තමා එම සිදුවීම යට ගැසීමට උත්සාහ ගන්නා බවට පුවත් පළ වූ බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

එවැනි දෙයක් සිදුකරනු ලබන්නේ කාගේ උවමනාවකටද යන්නෙන් ප්‍රශ්න කර සිටි හර්ෂද සිල්වා , තම ජීවිතයට යම් බලපෑමක් එල්ල වුවහොත් කථානායකවරයාට ද එහි වගකීමක් ඇති බව ද පැවසුවා.

කෙසේවෙතත් මෙම වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ ටිරාන් අලස් ට එරෙහිවයි. මෙම වීසා ගණුදෙනුවට අදාළ සමාගම ගැන කැබිනට් යෝජනාව ගෙන ඒම , ටෙන්ඩර් පටිපාටියකින් තොරව එය ලබාදීම වැනි චෝදනා රැසක් ඔහුට විරුද්ධව පවතියි. නමුත් මේ වනතුරු ඒ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුව නැත. එසේම ටිරාන් අලස්ගේ මහජන ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමසීමට පාර්ලිමේන්තු කාරක සභාවට දෙවරක්ම කැඳවා තිබුනත් ඔවුන් නොපැමිණි බව සඳහන් විය. මෙවැනි තත්ත්වයකදී හර්ෂ ද සිල්වා ට එරෙහිව යම් තර්ජනයක් පවතින්නේ නම් එය විමර්ශනයට ටිරාන් අලස් ඉදිරිපත් වීම විහිළු සහගත සිදුවීමකි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...