Breaking News

තෙල් පෝලිම් ආශ්‍රිතව මරණ හතරක්

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් තිබේ.

පොලීසිය සදහන් කරන ආකාරයට මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ අනුව ඉන්ධන පෝලිම් ආශ්‍රිතව ඇද වැටීම්වලින් ජීවිතය අහිමිවූ මෙරට තුන්වන පුද්ගලයා මොහු වේ.

කෙසේ වෙතත් තවත් පුද්ගලයෙකු ඉන්ධන පෝලිමක සිටියදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඝාතනයට ලක්වුණා.

ජනතාවට තම ජිවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය දේවල්වල මිල දිනෙන් දින ඉහළ යාමට අමතරව ඒවා ලබාගැනීම සඳහා උදේ සිට රෑ වෙනතුරු පෝලිම්වල සිටීමට සිදුව තිබේ. මේ හේතුවෙන් ජනතාව විශාල මානසික පීඩනයකට ද ගොදුරු වී සිටියි.

leave a reply