කන්තලේ පැත්තෙන් ඇහෙන අලුත් සින්දුවක්. අපි දැන ගත්ත විදියට කන්තලේ කේන්ද්‍රකර ගෙන කරන ලොකු වැඩක එක පියවරක් විදියට තමයි මේ සින්දුව එළියට එන්නෙ. මේ කොළමෙ වැඩේ ගැන පැහැදිලි කරන්න ඉඩ නැති නිසා අපි කෙළින් ම සින්දුවට යමු. ඇත්තට ම උදව් කරන්න වටින වැඩක් නිසා වැඩේට උදව් කරන්න කැමති අයට ‘රළ’ මාර්ගයෙන් වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
පහුගිය කාලෙ විද්‍යුත් මාධ්‍යවලත් යූටියුබ් අවකාශයෙත් ටිකක් ජනප්‍රිය වෙච්ච මේ සින්දුව ගැන කතා කරපු වැඩිදෙනෙක් මේ ගැන කිව්වෙ, දික්කසාදය දරුවන්ට බලපාන ආකාරය ගැන කතා කරන අතිසංවේදී සින්දුවක් කියලා. ඔව්… කීපදෙනෙක් ම සින්දුව අහලා අඬලත් තිබුණා; සමහර කසාද පිරිමි, තමන්ගෙ විවාහයට පරිබාහිර සබඳතා නවත්තලත් තිබුණා කියලා වැඩේට මැදිහත් වෙච්ච අයගෙන් අපිට දැන ගන්න ලැබුණා. ඒත් රළේ අපිට නම් මේ සින්දුවෙන් ඊට වඩා වෙනස් කලාපයක් ගැන කතා කරන්න ඉඩ හදලා දෙනවා කියලා හිතෙනවා.
මේ සින්දුව ලියවිලා තියෙන්නෙ අවුරුදු 12-14ක විතර දරුවෙක්(සින්දුවට අනුව දැරියක්) කියන විදියට. එයා සින්දුව කියන්නෙ තමන්ගෙ අම්මගෙයි තාත්තාගෙයි දික්කසාද වන්දි නඩුව අහපු විනිශ්චයකාරයාට. ඒ කියන්නෙ ආයෙත් මේ වින්ශ්චයකාරයට අහන්න වෙන්නෙ (අව)නඩුවක්. එහෙම යි පටන් ගන්නෙ…
උඩ කියපු බොහෝ විචාරවලට අනුව මේ නඩුව කියවෙන්නෙ වැඩිහිටි සමාජයට නැත්නම් දික්කසාදයට විරුද්ධව. ඒත් අපිට මේ නඩුව ඇහෙන්නෙ වෙළඳපොළවාදී තර්කණයට යටත් වෙච්ච සමාජයට එරෙහි නඩුවක් විදියට.
මොකද, මේ සින්දුවෙමෙදි දරුවා අහන්නෙ මෙහෙම ප්‍රශ්න.
“මාසෙ අන්තිම කාසි ලැබුණට
තාත්තාගේ සුවඳ නෑ ආවේ…”
“මාසෙ අන්තිම කාසි ලැබුණට
බීඩි දාඩිය සුවඳ මුසු වුණ
ආදරේ නම් නෑනෙ ආවේ
තාත්තා නෑ ආයෙ ආවෙ”
ධනේශ්වර වෙළඳ තර්කණය ඇතුළෙ සියලු මිනිස් බැඳීම් මෙවළම්වාදී තැනකට ඇද වැටිලා තියෙනවා. මුදල් අක්ෂය වෙච්ච නවලිබරල් චින්තනයකින් මෙහෙයවන සමාජයකට ආදරය, කරුණාව සහ පරිත්‍යාගය වගේ සබඳතා පේන්නෙ දුර්වලතා විදියට. ඒ වෙනුවට ලාභය, පෞද්ගලික දේපළ සහ ආත්මාර්ථය වගේ දේවල්(එයසබටි) උත්කර්ෂයට ලක් වෙලා තියෙනවා.
කසාද බඳින වැඩේ වගේ ම දික්කසාද වෙන වැඩෙත් ලංකාවෙ අද සිද්ද වෙන්නෙ මෙන්න මේ උපයෝගීතාවාදී චින්තනයට අනුව. නැතුව අර්බුදේ තියෙන්නෙ කසාද බඳින එකේ හරි දික්කසාද වෙන එකේ හරි නෙවෙයි. අපි හිතන විදියට නම් කසාද බඳින එක වගේ ම දික්කසාද වෙන එකත් ලස්සනට කෙරෙන්න ඕන. තමන් අතර තිබුණු ගේහසිත බැඳීම ඉවර කරලා උණුසුම් විදියට සමුගෙන යන්න අපිට පුළුවන් වෙන්න ඕන. ආයෙ පාරක දි පාටියක දි හම්බ වුණොත් හග් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕන. ඕන නම් 2019 දි තිරගත වෙච්ච භද්ය ඊ්මපඉ්ජයගෙ ඵ්රරස්ටැ ීඑදරහ චිත්‍රපටිය හොයා ගෙන බලන්න.
ඒ නිසා අපි දකින්නෙ මෙතන අවුල තියෙන්නෙ දික්කසාද වෙන එකේ නෙවෙයි කියන එක.දික්කසාදය කියන්නෙ ඉතා ම ශිෂ්ට සංස්කෘතික ක්‍රියාවක්.දෙදෙනා අතර පියවා ගත නො හැකි තරම් පරතරයක් හැදුණ ම එකට ජීවත් වෙන එක හිසරදයක් තරම් කරදරයක් වුණා ම වෙන්වෙලා යන එක ඉතා ම සංස්කෘතික යි.
ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙවෙයි… ඒ ඈත් වීම ඇතුළෙ දරුවන්ට මොකද වෙන්නෙ, කියන එක. තාත්ත යි අම්ම යි වෙන් වෙලා ගියාට පස්සෙ දරුවන්ට ඒ අයගෙ ආදරේ ලැබෙන්න ඕන. ඒත් ආදරය ගැන නො සැලකිලිමත් සමාජයක දරුවන්ට ඒ අවස්ථාව ලැබෙන්නෙ නෑ. නඩුකාර මාමලා විතරක් නෙවෙයි අපේ වගේ සමාජවල දික්කසාද වෙන අම්මලා තාත්තලාත් හිතන්නෙ වන්දි මුදලින් වැඩේ බේරගන්න පුළුවන් කියලා.
අපිට නම් මේ සින්දුවෙන් ඇහෙන්නෙ අන්න ඒ කරණීය තර්කණයට එරෙහි හඬක්.
සංස්කෘතික වශයෙන් දියුණු සමාජවල මෙහෙම අත්දැකීම්වලට මුහුණ දෙන දෙමව්පියන් තමන්ගෙ දරුවන්ට ඒ නිසා සිද්ද වෙන්න පුළුවන් හානිය අවම කරන්න දැනුවත්ව මහන්සි වෙනවා.දරුවනුත් ඒ තත්ත්වයන්ට අනුරූපීව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා.
එහෙම නැතුව දරුවෙක්, දෙමව්පියන්ට කියනවා නම් ඒ අයගෙ සමස්ත පෞද්ගලිකත්වය දරුවන් වෙනුවෙන් කැප කරන්න කියලා – ඒක මහ අසාධාරණ ඉල්ලීමක්.මේ සින්දුවෙ ඒ අසාධාරණ ඉල්ලීම නෑ.
ඒ වගේ ම තමයි මේ සින්දුවෙ සංගීතයෙනුත් ඒ අසාධාරණ ඉල්ලීමට ඉඩක් ලැබෙන්නෙ නෑ.මේ වගේ සින්දුවල දි ඇහෙන්න බොහෝ දුරට ඉඩ තියෙන විලාපය වළක්වා ගැනීමෙන් මේ තරුණ සංගීතඥයා තමන්ගෙ නූතනවාදී බව පෙන්නලා තියෙන බව යි අපිට පේන්නෙ.
හැබැයි මේ සින්දුවෙ එක පරහක් තියෙනවා. සින්දුව පටන් ගන්නෙ දික්කසාද නඩුවෙ තීන්දුව දුන්න වින්ශ්චයකාරයාට කියන විදියට වුණාට සින්දුව ඉවර වෙන්නෙ දරුවා තාත්තට කරන ආයාචනයක් විදියට. එතනදි මේ සින්දුවෙ ඒකමිතිය බිඳෙනවා. ඒකමිතිය කියන්නෙ ඕන ම සින්දුවක තියෙන්න ඕන අනිවාර්යයක් කියලා අපි හිතන්නෙ නෑ.
ඒත් ඒකමිතිය බිඳිනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕන. මේ සින්දුවෙ දි ඒක වෙලා තියෙන්නෙ ඒ ගැන සැලකිලිමත් නොවීමේ ප්‍රතිඵලයක් විදියට කියල යි අපිට හිතෙන්නෙ.
කොහොම වුණත් මේ සින්දුවත් මේ සින්දුව ද ඇතුළත්ව ඒ සංවිධායක මණ්ඩලය කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න සමස්ත වැඩසටහනත් ඒ එක්ක බැඳිලා තියෙන දියුණු අරමුණත් ජයග්‍රහණය කරන්න ඕන කියලා ‘රළ’ සාමුහිකය විදියට අපි ප්‍රාර්ථනා කරනවා
නඩුකාර මාමේ
මාසෙ අන්තිම කාසි ලැබුණට
තාත්තාගේ සුවඳ නෑ ආවේ
පපුව මැද හිස තියා ඉන්නට
පිටේ එල්ලී ලුනු අදින්නට
තාත්තා නෑ ආයෙ ආවේ
ටිකෙන් ටික උස් මහත් වෙන කොට
කරන වියදම් ගෙදර සිව් කොන
හඩනවා ඇහෙනවා අම්මා
මාසෙ අන්තිම කාසි ලැබුණට
බීඩි දාඩිය සුවඳ මුසු වුණ
ආදරේ නම් නෑනෙ ආවේ
තාත්තා නෑ ආයෙ ආවේ
කෑම බීමද ඇඳුම් පැලඳුම්
වන්දි මුදලින් ගේන දවසේ
මල් පිපී හිනැහුණා අම්මා
ඕනැ නම් බඩගින්නෙ ඉන්නම්
මදි පාඩු නොකියා නිදන්නම්
ආදරේ වන්දියත් එක්කම
තාත්තා එනවාද අද හෙට