“දිය ගලා නොයනු ඇත තලාගෙන කන්ද”

එළඹෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සජිත් පට්ටියකුඹුර කවියා ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය “දිය ගලා නොයනු ඇත තලාගෙන කන්ද” ඔබ අතට ගෙනත් තබන්නට මග බලා සිටී. පහත ඇත්තේ ඔහු ඒ වෙනුවෙන් තබා තිබූ සටහනයි. කවියට ඝෘජු ඔබටයි ඉතින් මේ ඔත්තුව.

ප්‍රිය කවිකාර ළබැඳියනි, කාව්‍යලෝලී සහෘද හිතවතුනි “රාමු නොකළ පිංතූරයක්” ඒ මගේ පළමු කවි පොත. එයින් තෙවසක ඉවසුමෙන් මාගේ දෙවන කාව්‍ය සංග්‍රහය.. “දිය ගලා නොයනු ඇත තලාගෙන කන්ද” තවත් සොඳුරු සහ අඳුරු කවි කතා හුස්මක් සමග එළඹෙන සාහිත්‍ය වසන්තයට සමගාමීව ඔබ අතට පත් කරන වග ආදරෙන් කියමි..!!

කවි කියවන සුවහසක් ඔබට මේ කවි පිළිගන්නට එහි සරන්නට ඇරයුම් තබමි. මෙය.. අසීරු මොහොතක ජීවිතය ගැලවූ.. අතීත දවසක කවිකම් ඇලවූ.. එහෙත් මේ කවි අහන්නට අද නැති සිරිසේන ක්‍රිස්තෝම්බදු සහ සුගුණරත්න ලියනගේ දෙපලට පුදමි.

සෞම්‍ය සඳරුවන් ලියනගේ කංචුක අගයද දෙයියන්දර ගමගේ ප්‍රකාශන දිරියද ලදිමි. ඇවැසිනට ඔතා දෙමි. වසන්තයටද එමි.
ස්තුතියි

විමසීම් සඳහා සජිත් පට්ටියකුඹුර
0771365940

සජිත් පට්ටියකුඹුර

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්