Breaking News

ලංකාවේ ආර්ථිකයට බලපෑම් කරන සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය යනු කුමක්ද?

2007 වර්ෂයේ මන්මෝහන් සිං මහතාට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති”ආදම්ගේ පාලම”ප්‍රදේශයෙන් නාවික ඇළක් ඉදිකිරීම සඳහා ඉන්දියාව විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි, 2007 වර්ෂයේ පරිසර කණ්ඩායම්, දේශපාලන පක්ෂත් , එල්ටීටීඊ සංවිධානයේ එක් පාර්ශ්වයකුත් දක්වන ලද විරෝධයන් නිසා එම ව්‍යාපෘතිය නවතාලීමට ලංකා රජයට සහ ඉන්දියානු රජයට සිදුවිය. එය එසේ වුවතත් වර්තමාන රජය වෙත සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ඉදිකිරීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ලංකා රජයට දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන්දියානු මධ්‍යම රජයට දැනුම් දුන් බව ඉන්දියානු පුවත්පත් වල වෘත්තියක් ලෙස පළ විය. ව්‍යාපෘතියේ ඉදි වුවහොත් ලංකාව මගහැර තමිල්නාඩුවට ආසන්නයෙන් නැවු ගමන් කිරීම ආරම්භ කරන අතර මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනු ඇත. එමෙන්ම රාම රාවණා කතා පුවතට අදාළ දැනටමත් අවශේෂ වශයෙන් ඇති ආදම්ගේ පාලම වැලි පරයක් විනාශ වී ප්‍රබල සමුද්‍රීය පරිසර දූෂණයක් විය හැකිය. මෙම හේතු දෙක නිසා ම ලංකා රජය සේතු සමුද්‍රම් නාවික මාර්ගයට අත එසවීමෙන් වැළකිය යුතු අතර ඉන්දීය රජයට අකමැත්ත ප්‍රකාශ කර සිටිය යුතුය . රවින්ද්‍ර කාරියවසම්

සේතු සමුද්‍රම් නෞකා මාර්ගය සම්බන්ධ යෝජනවා ඉදිරිපත් වන්නේ 1861 තරම් ඈතකයි . එම යෝජනාව මුල්වරට ඉදිරිපත් කරන්නේ ඉන්දියාව යටත් විජිතයක්ව පැවතී සමයේය . පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ නෞකාවලට අඩු කාලයකින් යුරෝපයේ සිට නැගෙනහිර ආසියාවට පිවිසීම සඳහා මේ මාර්ගය සකස් කළ යුතු බවට 1861දී “ටවුන්ෂෙන්ඩ් යෝජනාව” නම් යෝජනාවක් මගින් ඉදිරිපත් විය.

විවිධ අවස්ථාවලදී මෙම යෝජනාව මතුවෙමින් යට යමින් පැවැතියේ ය. යෝජනාව ප්‍රබල ලෙස ඉස්මතු වන්නේ 2007 වර්ෂයේ මන්මෝහන් සිං මහතාගේ දුර කාලය තුළයි . බලය ලබාගැනීමේ තුරුම්පුවක් ලෙස ද මෑත කාලයේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය විද්‍යාවේ දේශපාලකයාන්ගේ පොරොන්දුවක් බවට පත් විය.

මොනයම් විදිහකින් හෝ සෙතු සමුද්‍රම් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ඉන්දියාවට හැකි වුනොත් ලංකාව වරායන් ආශ්‍රයෙන් උපයා ගත් මහා ධනස්කන්ධයක් අහිමි වෙනවා පමණක් නොව අති විශාල සේවකයන් ප්‍රමාණයකට රැකියාද අහිමි වෙනවා . කෙසේ වෙතත් පවතින වර්තමාන ආර්ථික අර්බූදය හමුවේ කාගෙන් හෝ මුදල් ණයට ගැනීමේ අරමුණින් සිටින රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියාවේ උවමනාව මත කැමැත්ත පළ කිරීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. බී.ජේ.පි පක්ෂය ඇතුළු සියලුම පක්ෂ සහාය සිතු සමුද්‍ර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ලබාදීමත් පසුගිය 18 වැනිදා ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ලංකාවට පැමිණීමත් අතර සම්බන්ධයක් නො පවතින්නේ ද යන්න ගැන සිතා බැලිය යුත්තේ සැකය ඉතිරි කරගෙන ය. හදිසියේම මේ ව්‍යාපෘතිය නැවත කරළියට පැමිණීම මේ සැකය වැඩි කරන්නට හේතු වෙනවා.


leave a reply