බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී බොරු කියයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් හට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය ජූලි 13 වනදා පොල්දූව මංසන්ධිය අසළ පැවති විරෝධතාවයේදී අතුරුදන්වූ ස්වයංක්‍රීය ගිනි අවි දෙක මේ වන තෙක් අතුරුදහන්ව පවතින බවයි.

අදාළ ගිනි අවි දෙක මේ වන විට කා සතුව පවතින බව නොදන්නා බවද අමාත්‍යවරයා සදහන් කළා.

කෙසේවෙතත් පසුගිය ජූලි 25 වනදා පොලීසිය නිවේදනය කළේ අතුරුදන් වූ බව කියන අදාළ T56 ගිනි අවි දෙකෙන් ඒකක් හිස් මැගසිනයක් සමගින් රාජගිරිය ප්‍රදේශයේ දියවන්නා වැවේ සමනල පාලම අසළින් සොයාගත් බවයි.

පාර්ලිමේන්තුව දෙසට ඇති මෙම පාලම අසළ නාවික හමුදා කිහිදුම්කරුවන් විසින් එම ස්ථානයේ කිමිදී මෙම ගිනි අවිය හා මැගසිනය සොයාගෙන තිබෙනවා.

අනතුරුව නාවික හමුදාව විසින් අදාළ ගිනි අවිය හා හිස් මැගසිනය වැලිකඩ පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදුන් බව පොලීසිය නිවේදනය කළා.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...