බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී බොරු කියයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් හට අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය ජූලි 13 වනදා පොල්දූව මංසන්ධිය අසළ පැවති විරෝධතාවයේදී අතුරුදන්වූ ස්වයංක්‍රීය ගිනි අවි දෙක මේ වන තෙක් අතුරුදහන්ව පවතින බවයි.

අදාළ ගිනි අවි දෙක මේ වන විට කා සතුව පවතින බව නොදන්නා බවද අමාත්‍යවරයා සදහන් කළා.

කෙසේවෙතත් පසුගිය ජූලි 25 වනදා පොලීසිය නිවේදනය කළේ අතුරුදන් වූ බව කියන අදාළ T56 ගිනි අවි දෙකෙන් ඒකක් හිස් මැගසිනයක් සමගින් රාජගිරිය ප්‍රදේශයේ දියවන්නා වැවේ සමනල පාලම අසළින් සොයාගත් බවයි.

පාර්ලිමේන්තුව දෙසට ඇති මෙම පාලම අසළ නාවික හමුදා කිහිදුම්කරුවන් විසින් එම ස්ථානයේ කිමිදී මෙම ගිනි අවිය හා මැගසිනය සොයාගෙන තිබෙනවා.

අනතුරුව නාවික හමුදාව විසින් අදාළ ගිනි අවිය හා හිස් මැගසිනය වැලිකඩ පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදුන් බව පොලීසිය නිවේදනය කළා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...