පසුගිය සෙනසුරාදා පැවති ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් හියුමන් රයිට්ස් වොච් වාර්තාව පවසන්නේ මානසික රෝගවලින් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ලෝකයේ බොහෝ රටවල අපිරිසිදු කාමර, මඩු හෝ කූඩුවල ජීවත් වීමට බල කෙරී ඇති බවත්, මානසික රෝගවලින් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලොව පුරා විලංගු ලා දම්වැල් දමා ඇති බවත්ය. ඔවුහු එතැනම මළ මුත්‍රා කරන අතර ඒවා තුලම ඔවුනට ඡිවත්වීමට සිදුව තිබෙි.
මෙි දමිවැල් දැමීම සිදුවන්නේ ඔවුනට දියුණු ආධාරක හෝ මානසික සෞඛ්‍ය සේවාවන් නොමැති විට,රොගියාගේ පවුල්, දේවියන් හෝ මිත්‍යා ඇදහිලි තුල ගිලී යනවිටය .තවත් සමහරෙක් රෝගියාගෙන් සිදුවන කරදරයෙන් බෙිරීමටය මෙි විලංගු ලෑම නිසා රෝගියා බොහෝ විට පශ්චාත් කම්පන ආතතිය, මන්දපෝෂණය, ආසාදන, ස්නායු හානි, මාංශ පේශි ක්ෂය වීම සහ හෘද වාහිනී ආබාධ වලින් පීඩා විඳියි. වාර්තාව සඳහන් කරන රටවල් 60 න් 24 ක්ම අප්‍රිකාවේ ය. ඔවුන්ගෙන් හතළිස් අටක් ලෝකයේ දුප්පත්ම රටවල් වන ලයිබීරියාව, මොසැම්බික්, සියරා ලියොන් සහ යේමනය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් වේ.
මෙම රටවල දශක ගණනාවක විවිධ සනනද්ධ ගැටුම් හේතුවෙන් මානසික ගැටළු වලින් පෙළෙන විශාල පිරිසක් බිහි වී තිබේ. නමුත් ඔවුන්ගේ ආධාරක පද්ධති සහ සමාජ ආරක්ෂණ දැල් දුර්වල බැවින් ඔවුන්ගේ පවුල් බොහෝ විට උපකාර සඳහා සංස්කෘතික හා ආගමික ආයතන වෙත යොමුවෙති.
කෙන්යාවේ මනෝචිකිත්සාවන් දිවි ගලවා ගත් අයගේ විධායක අධ්‍යක්ෂ මයිකල් නෙන්ගා, මෙසේ කියයි “මානසික ආබාධිතයන් සිටින පවුල්වලට රාජ්‍යයේ සහාය නොලැබුනේ නම්, ඔවුනට සිය රෝගියා බැඳ තබා හෝ දම්වැල් දමා ඇති තත්වයකට මග පාදයි එවිට ඔවුනට ආහාර සෙවීමට හෝ අනෙකුත් දරුවන් බලා ගැනීමට හැකිය” Human Rights Watch ට අනුව සනීපාරක්ෂාව සඳහා නිසි ප්‍රවේශයක් නොමැතිකම හෝ මූලික සෞඛ්‍යාරක්ෂාව නොමැතිව එසේ විලංගු දමා ඇති පුද්ගලයින් ට COVID-19 ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගෝලීය වශයෙන් සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගවලින් පෙළේ එවැනි තත්වයක් තුල වැඩිහිටියන් පමණක් නොවෙි දරුවන්වද බැද දමනු ලැබෙි.වටලනු ලැබූ ගාසා තීරයේ 16 හැවිරිදි මානසික- රෝගයකින් පෙළෙන අයිෂා Human Rights Watch වෙත පවසා ඇත්තේ සිය මවුපියන් උදේ සිට සවස දක්වා ඇයව දම්වැලෙන් බැද තබාගෙන සිටින බවයි.
ඝානාවෙි රජය විලංගු දැමීම තහනම් කරන ලෙස ඉල්ලා තිබේ. වසර ගණනාවකට පසුවත් එය දිගටම පවතී.මක්නිසාද වාචාලකම යථාර්ථයන්ට නොගැලපෙන බැවිනි.මනෝ ආබාධ සහිත පුද්ගලයින් පවුලට ලැජ්ජාව සහ අපකීර්තියක් ලෙස ඔවුහු සලකති. එබැවින් දොරවල් අගුලුලා රොගියා පිටතට නොපෙනෙනනට බැදදමති ”
“නයිජීරියාවේ, 1958 උමතු පනත මගින් තවමත් මානසික ආබාධිතයන්ට සියදිවි නසා ගැනීමට ඉඩ සලසන අතර අමානුෂික ලෙස මියයාමට ඉඩ දී ඇත.බෙන්ජමින් යනු ලයිබීරියානු මානසික සෞඛ්‍ය ක්‍රියාකාරිකයෙකි. ඔහු 2003 දී මොන්රෝවියා හි “අධ්‍යාත්මික සුව කිරීමේ මධ්‍යස්ථානයක” දම්වැලකින් බැඳ වසරක් පමණ ගත විය.මානසික රෝගවලට ඇති අපකීර්තිය සංස්කෘතික හා ආගමික විශ්වාසයන් මගින් තවත් ශක්තිමත් කරවන බව බෙන්ඡමින් පවසයි. ඇතැම් පල්ලි සහ අධ්‍යාත්මික මධ්‍යස්ථාන මගින් මානසික රෝගීන් “භූතයන් ” යන මතය පතුරුවා හරිනු ලැබේ.
HRW හි වාර්තාව පවසන්නේ සියලු රජයන් කඩිනමින් විලංගු දැමීම තහනම් කළ යුතු බවත්, මානසික ගැටළු පිළිබඳ සමාඡීය අපකීර්තිය අවම කළ යුතු බවත් ගුණාත්මක, ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි ප්‍රජා මානසික සෞඛ්‍ය සේවාවන් සංවර්ධනය කළ යුතු බවත්ය.
උපාලි ජයසිංහ