ඖෂධ ප්‍රශ්නය ගැන කතා කරන සෞඛ්‍ය සේවකයන්ගේ කට වහන්න නව චක්‍රලේඛයක්

දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ කරන සියලුම නිලධාරීන්ට එරෙහිව විනායානුකූල ක්‍රියාමාර්ග දියත්

කරන බව දැනුම්දෙමින් සෞඛ්‍ය ලේකම් එස්.ජනක චන්ද්‍රගුප්ත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආයතන සංග්‍රහය ප්‍රකාරවත්, 2015.01.29 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරවත්, 2022.09.27 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC/FR/371/2022 යටතේ නිකුත් කරන ලද නඩු තීන්දුවට අදාලව දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය නොමැතිව කිසිම රාජ්‍ය නිලධාරියෙකුට ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දිය නොහැකි බව සෞඛ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබේ.

එසේ තොරතුරු ලබා දෙන නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය ප්‍රකාරව විනයානුකූලව දඬුවම් දෙන බව ද ලේකම්වරයා දන්වා ඇත.

රජයේ රෝහල්වල එන්නත් හා නිර්වින්දන ඖෂධ නිසා මියගිය රෝගීන් සම්බන්ධයෙන් මෙන්ම ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් සිදුකරනු ලබන ප්‍රකාශ මෙවැනි චක්‍ර ලේඛනයක් නිකුත්කිරීමට හේතුවී ඇතැයි පැවසේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...