අපරාජිතව චමරි ඇතුළු කණ්ඩායම අර්ධ අවසන් වටයට පකිස්ථානය සමග තරඟයට

ආසියානු කුසලාන 2024 කාන්තා ක්‍රිකට් තරගාවලියේදී අපරාජිත කණ්ඩායමක් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.

තායිලන්ත කණ්ඩායම සමඟ අද පැවති තරඟයේ ජයග්‍රහණය අත් කරගන්නට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. කාසිය වාසිය දිනාගත් තායිලන්ත කාන්තා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවාර විස්ස තුළදී විකට් හතක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 93ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වන චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න එක්ව ප්‍රතිවාදී තායිලන්ත කණ්ඩායමේ ඉලක්කය හඹා යන්නට සමත් වුණා. කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්වූ පන්දු 35කදී ලකුණු 49ක් රැස්කළ අතර විශ්මි ගුණරත්න පන්දු 34 කදී ලකුණු 39ක් රැස්කළා .

B කාණ්ඩය යටතේ තරඟ කළ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම බංග්ලාදේශය සමග තරඟයේදී කඩුලු හතක ජයක් වාර්තා කළ අතර මැලේසියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 144ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා. ඒ අනුව ආසියානු කුසලාන 2024 තරඟාවලියේදී අපරාජිත කණ්ඩායමක් ලෙස අර්ධ අවසන් වටයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ගන්නා අතර ඔවුන්ගේ ප්‍රතිවාදියා ලෙස සිටින්නේ පකිස්තානු කණ්ඩායමයි.

අර්ධ අවසන් වටයේ අනිත් තරඟයට සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ ඉන්දියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායමයි. එම තරඟයද 26 වන දා උදෑසන පවත්වන්නට සූදානම් කර තිබේ.

ආසියානු කුසලාන 2024 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පවත්වන්නේ ජූලි මාසෙ 28 වන දාය.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...