Breaking News

ජනාධිපතිවරයා තරම් පරිසරය ආරක්ෂා කරන්න වෙන කවුරුත් කැපවෙලා නැහැ – පරිසර ඇමති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තරම් පරිසරය ආරක්ෂා කිරීමට කවුරුත් කැපවී නොමැති බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි. ඔහු මේ බව පැවසුවේ කතරගම මැණික් ගඟ ආසන්නයේ පැවති ලෝක ජල දින සැමරුම් රාජ්‍ය උත්සවයට සහභාගී වෙමිනි.

මීට දින කිහිපයකට පෙර මාධ්‍ය වාර්තා කර තිබුනේ කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම කපා දමා ඇති බවයි.

එහිදී කතරගම පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් ඒ අවට සහ මැණික් ගඟ දෙපස ඇති ගස් කපා ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වී තිබුණි.

කෙසේවෙතත් ඇමතිවරයා මෙවැනි සිය කතාවේදී මෙවැනි සුළු කාරණා කිහිපයකට පිළිතුරු දෙනු විනා දැනට මහා පරිමාණයෙන් සිංහරාජය, රඹකැන් ඔය, දහයියා ගල වැනි ස්ථානවල සිදුවන සිදුවෙන පරිසර හානිය ගැන සඳහන් කරනු දක්නට නොලැබුණි.

පරිසර ඇමතිවරයා පළ කරන ලද අදහස් කිහිපයක් පහත දැක්වේ.

“මේ වෙනකොට පරිසරය ගැන ලොකු කතා බහක් යනවා. හැමදාම ප්‍රවෘත්තිවල විනාඩි ගණනක් වෙන් කරලා තියෙනවා පරිසර විනාශයන් ගැන කියන්න. සමහර මාධ්‍යජාලාවල ඉතාමත් අසත්‍ය ප්‍රවෘති රැසක් නිර්මාණය කරනවා. පසුගිය දවස්වල ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා ප්‍රචාරයක් ගෙනිච්චා ජනාධිපතිවරයා මේ උත්සවයට එන නිසා හෙලිකොප්ටරේ බාන්න ගස් කැපුවා කියලා. මමත් කලබල වෙලා හොයලා බැලුවා. ජනාධිපතිතුමනි එක ගහක් කපලා නැහැ.

ඔබතුමා අපිට උපදෙස් ලබාදුන්නා මුතුරාජවෙල සංරක්ෂණය කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න කියලා. ප්‍රවෘතිය වුනේ මුතුරාජවෙල සඳහා මේ නාගරික සංවර්ධන අධිකාරියත් එකතු වෙලා හෝටල් හිමියෙක් සඳහා එයාගෙ හෝටලයටයි එයාගෙ ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකටයි හදන්න රජය අනුග්‍රහය ලබාදෙනවා කියලා. ජනාධිපතිතුමා ඉතාමත් හොඳ හිතින් රජයේ මුදල් යොදවලා මුතුරාජවෙල සංරක්ෂණය කරන්න හොඳ වැඩපිළිවෙලක් හදනකොට මේ ප්‍රචාර අරගෙන ගියෙ.

එතුමා තමයි පරිසරය ආරක්ෂා කරන්න මේ රටේ කැපවෙච්ච ඉහළම රාජ්‍ය නිලධාරියා. මම කියනවා එතුමා තරම් පරිසරය ආරක්ෂා කරන්න කවුරුවත් මැදිහත්වෙන්න නැතුව ඇති කියලා. මේ ජනාධිපතිතුමා අපිට කවදාවත් කියලා නැහැ අරයා බේරන්න අරයා ආරක්ෂා කරන්න කියලා. “

leave a reply