කුවේණියකට

සරුසාර දූපත්ම පසු කොට
නුඹ විසූ කුඩා ගිරි දිවයිනට
පැමිණියේ අහඹුවක් විලසට
නුඹ යකින්නක් කියා දැන දැන

නොපැකිලිව ගෙවා දුර සපැමිණි
පණ සදිසි මා මිත්‍ර පිරිපත
ඈත් කෙරුවත් මගෙන් දින දින
නොවේ අමනාපයක් නුඹ ගැන

අවි අමෝරා පැමිණි දවසක
සිව් හෙලේ නෑ සියන් පිරිවර
කෙලෙස අමතක කරන්නද නුඹ
රැදුණු වග මා අසල නොබියව

ජීවිතේ නීරසම සමයක
දරු පැටවු කිහිළි ගන්නා ගෙන
කාත් කවුරුවත් නැති විදිහට
නික්ම ගිය දා පුරුදු වනයට

නුබම මට අරන් දුන් රජකම
අන්ධකාරයෙ යමක් විතරද

චින්තක සමන් හේරත්

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...