Breaking News

මෝඩ පාක්ෂිකයෝ ඔළුවෙන් හිටගෙන මළපහ කරයි. 

නිමාවට පත් වූ ජනාධිපතිවරණයට ප්‍රථම අවස්ථා ගණනාවකදීම අධිකරණ බලය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු වන ලාල්කාන්ත ප්‍රකාශ නිකුත් කළා . එක් අවස්ථාවකදී ඔහු කියා සිටියේ  අධිකරණ බලය ගමට ලබාදෙන බවයි. තවත් අවස්ථාවකදී ඔහු කියා සිටියේ නීති සම්පාදනය කර ගැනීමේ බලය ප්‍රාදේශීය මට්ටමට ගෙනයන බවයි . මේ ප්‍රකාශ වලින් අනතුරුව  සමාජයෙන් මතුවූ විරෝධය හමුවේ ඒවා කිව්වෙ කිනම් අර්ථයෙන්ද කියලා අර්ථකථන පවා ලබා දෙන්නට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට සිද්ධ වුණා .

කෙසේ වෙතත් ජනාධිපතිවරණයත් මහ මැතිවරණයක් ජයග්‍රහණය කරපු ජනත විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග කණ්ඩායම සමාජයට පුන පුනා කියන්නට උත්සාහ කළේ තමන් හොඳ මිනිසුන්  නිසා ඔවුන් කරන හැම දෙයක්ම හොඳ දේවල් බවට පිළිගන්නට කියයි .

යළිත් වෙනස් වටයකින් අධිකරණ බලය ගමට ගෙන යෑම පිළිබඳව කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට ලාල්කාන්තගේ පරණ කතාව යළි මතක් කරන්න සිද්ධ වෙනවා. ඊට පදනම් වී තිබෙන්නේ විරුද්ධ පාක්ෂිකයකු ආණ්ඩුවට විරුද්ධව යම් ප්‍රකාශයක් නිකුත් කිරීම සහ නිකුත් කළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයෙක් එම තැනැත්තාගේ ගෙදරට ගොස් ආණ්ඩුව සමඟ හැප්පෙන්නට එපා යැයි කියමින් යම් වාචික තර්ජනයක් කරමින් සිටින වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ පළවීමත් සමඟයි .

මේ සිදුවීම විවේචනය කරමින් විවිධ පුද්ගලයන් අදහස් පළ කර තිබුණු අතර බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය  ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බවයි .

නිර්මාල් රංජිත්දේවසිරි මේ සිදුවීම සම්බන්ධයෙන් තම  මුහුණු පොතේ සටහනක් දමා තිබුණේ මෙසේය( මේක ඇත්තක් නං හා ආණ්ඩුව දැනුවත්ව කරන දෙයක් නං ආණ්ඩුවේ ඉක්මන් අවසානයේ ආරම්භය මේක කියල එක සැකයක් නැහැ. ) ආණ්ඩුවට හිතවත් කම් පෑ බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධයෙන් තම විවේචන එල්ල කර තිබුණා .

මේ සිදුවීම් හේතුවෙන් සිදුවන දේ 

මුලින්ම ආණ්ඩුව කෙරෙහි ජනතාවට  තිබෙන විශ්වාසය පළුදු වීමට ඉවහල් වෙනවා. ඉන් අනතුරුව සිදුවන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු දේශපාලන පක්ෂවලට සහ පුද්ගලයන්ට නැවත හිස ඔසවන්න අවස්ථාව ලැබීමයි . එනිසා තමයි මේ සිදුවීම මුල් කරගෙන රෝහිනි කවිරත්න වැනි දුබල චරිත වලට ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාව ලැබෙන්නේ .


ලැබුණු අවස්ථාවෙන් ක්ෂණිකව ප්‍රයෝජනය ගෙන ජවිපෙ රෙදි ගලවන්නට උත්සාහ කරන කවිරත්න 
මාතලේ යටවත්ත අපගේ හිතවත් අමල් අත්තනායක මහතා ගේ නිවසට පැමිණි ජවිපෙ සමාජිකයින් පිරිසක් ඔහුට විනාඩි 22 ක් පුරා තර්ජනය කරමින් දොස් පවරා ඇත. මේ සමඟ ඇත්තේ එම සිද්ධියේ විඩියෝ කොටසකි.
මෙහි කළුපැහැති ජැකට් එකක් දමා සිටින්නේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජවිපෙ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්. ජී. මංජුල ප්‍රසාද් සමරවීර ය. ඔහු සමඟ පැමිණි ‍අනෙක් පුද්ගලයා මෑතක දී මාලිමාවට එක් වූ විජේරත්න නැමැත්තෙකි. මංජුල යනු 1988-1990 භිෂණ සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ විදුල්පතිවරු, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් පුද්ගලිකවම ඝාතනය කළ, මාතලේ දේශප්‍රේමී සන්නද්ධ බලකායේ නායකයා ලෙස කටයුතු කළ ‘තුසිත මුනිදාස’ හෙවත් ‘මුනී’ ගේ පවුලේ සමාජිකයෙකි. ‘තුසිත මුනිදාස සන්නද්ධ බලකාය’ ලෙසින් මාතලේ භිෂණය පැතිරවූවේ මේ කණ්ඩායමයි. ගමේ නඩු ගෙදරටම ගොස් ඇසීමේ මාතලේ පැරණි ක්‍රමයට පරාජය කිරීමට රටේ සියලු ප්‍රගතිශීලි බලවේග, නිදහස් පුරවැසියන් එක් විය යුතුය.
සමාජ මධ්‍ය මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් සියළු පුරවැසියන්ට ඇත. අප සියළු දෙනා එක්වී එම අයිතිය රැකගනිමු.
පළාත් පාලන ඡන්ද විමසීම ආසන්නයේ මාතලේ දිස්ත්‍රිකකයේ විපක්ෂයේ ක්‍රියාකාරකම් තර්ජනයෙන් හා බිය වැද්දීම් තුලින් අඩපණ කළ නොහැකිය. වෛර හා ක්‍රෝධය පැවරවීම තුලින් බලයට පැමිණි මේ පිරිස, දැන් විපක්ෂයේ හිතවතුන්ට, මහජනතාවට සමාජ මාධ්‍ය තුලින් ‘පරණ පොරොන්දු සිහිපත්කිරීම’ට හෝ ඉඩක් නොදී කටයුතු කරමින් සිටී.
ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!
රෝහිණී කවිරත්න – මාතලේ සමගි ජනබලවේගය දිස්ත්‍රික් නායිකා

පෙබරවාරි 12 වන දා අගුණකොළපැලැස්ස සිදුවීම ද මෙවැන්නකි . එතනදී ද  ජාතික ජන බලවේග සහ ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් ප්‍රකාශ කර සිටියේ තම ආණ්ඩුවට එරෙහිව සම්මන්ත්‍රණ පැවැත්වීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවයි . එදිනද වාචික තර්ජනය  කර  අවසානයේ එම සම්මන්ත්‍රණය කඩාකප්පල් කරමින් සම්මන්ත්‍රණය වෙනුවෙන් සූදානම් කර තිබුණු සියලුම බැනර් ගලවා ඉවත් කරනු ලැබුවා .

මේ සිදුවීම සම්බන්ධයෙන්  තවමත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ මතය ප්‍රකාශ කර නැහැ .


ටිල්වින් සිල්වා ඇතුළු ජාතික ජන බලවේග නායකයෝ පිස්සු හැදුණු තමන්ගේ බල්ලන්ව  කූඩු වලට දමා වසා ගත්තේ නැත්නම්  සිදුවීමට නියමිතව ඇත්තේ ඉහත නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කළ  දේය .

leave a reply