Breaking News

හැරීගේ බිරිඳටත් ද්විත්ව පුරවැසිභාවය

නොවැම්බර් 3 වෙනි අඟහරුවාදා මේගන් මාක්ල්ට  එක්සත් ජනපද මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන බව ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතට තහවුරු  කර තිබුණි. ඒඅනුව ජාතික මැතිවරණයකට සහභාගී වූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ පළමු සාමාජිකයා බවට මේගන් මාක්ල් පත්විය.

හැරීට ඇමරිකානු පුරවැසිභාවය නොමැති අතර රාජකීය සම්ප්‍රදායට අනුව වෙනත් රටක දී ඡන්දය පාවිච්චි කිරීමට හැකියාවක්ද නොමැති බව වාර්තා වෙනවා . මෙයට හේතුව බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස ඔහුට ඇමරිකාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් නැතිවා පමණක් නොව, රාජකීය පවුලේ සාමාජිකයන් මැතිවරණයට සහභාගී නොවීමේ  සියවස් ගණනක් පැරණි සම්ප්‍රදායක්  පැවතීමද හේතු වී තිබෙනවා.

leave a reply