ඩලස්ලා අලුත් ගමනක් යනවලු!

ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 14 දෙනාගේ කණ්ඩායම අද (20) අනුරාධපුර ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය වැඳපුදා ගැනීමට ගොස් තිබුණි.

පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තෝරාගැනීමේ ජන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුමට සහය පළකළ මන්ත්‍රීවරුයි මෙලෙස කණ්ඩායමක් ලෙස මෙම ගමනට එක්ව සිටියේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සියලුම දෙනා එක් බස් රථයකින් මෙම ගමන පැමිණීමටද කටයුතු කර ඇත.

ශ්‍රී මහා බෝධිය වැඳපුදගනිමෙන් අනතුරුව පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි හමුවී අදහස් හුවමාරු කරගැනීමටද කටයුතු කර තිබුණි.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ රට වෙනුවෙන් ඉතා වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සූදානම් වන බවයි.

”රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටින බවට සලකන ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය අභියස වැඩකටයුතු ආරම්භ කිරීම ඉතාම උචිතයි කියල අපි විශ්වාස කරනවා. අපේ පැරණි වැව්ගත සංස්කෘතිය සංකේතවත් කරන රජරටින් මේ ගමන ආරම්භ කිරීම තමයි අපේ අභිප්‍රාය වෙලා තිබෙන්නේ. මේ වෙලාවේ අපිට වඩා වැදගත් වන්නේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ඉදිරියේදී මේ කණ්ඩායම කුමන තීරණයක් ගනීද යන්න දැන්ම කිව නොහැකි වුවත් ආණ්ඩුව තුළ යම් පිල් බෙදීමක් සිදුව ඇති බව පෙනේ. ඩලස් අලහප්පෙරුම වැන්නන් එම අර්බුදය ප්‍රයෝජනයට ගෙන නැවතත් පොහොට්ටු බලය ශක්තිමත් කිරීමට උත්සාහ දරාවිද යන සැකය ජනතාව තුළ මතුව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...