නාපෝලිය ෆිදෙල් සමරයි!

අගෝස්තු 13 ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ උපන්දිනය සැමරීමට නාපෝලියේ ඉතාලි කියුබා සහයෝගිතා සංවිධානය කටයුතු කලා, එහිදී ජනතා අයිතීන් වෙනුවෙන් අරගල කරන්නන්ට හා ලතින් අමෙරිකානු කලාපයේ සහයෝගිතා සංවිධාන ආරාධනා ලැබ තිබුන. එහිදී විප්ලවය ආරක්ෂා කිරීම, කියුබාවට එරෙහි සම්බාධක හෙලා දැකීම සටන්පාඨ වූ අතර කියුබානු වෛද්‍ය කණ්ඩායම් විසින් මේ වන විට ලොව පුරා විදහා දක්වමින් සිටින ජාත්‍යන්තර සහයෝගිතාවය හා මනුෂ්‍යත්වය ඇගයීමට ලක් කිරීමද මෙහි අරමුණ වුනා.

කස්ත්‍රෝ සහෝදරයා වෙනුවෙන් මැක්සිකානු කලාකරුවන් දෙදෙනෙකු වන මොනෝ ගොන්සාලේස් සහ තෝනෝ කෲස් විසින් සිතුවම් කළ බිත්ති පසුබිමේ මෙම සැමරුම සිදු කල අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාපෝලි සාමාජික සහෝදරවරුද මෙම අවස්ථාවට එක් විය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...