අගෝස්තු 13 ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ උපන්දිනය සැමරීමට නාපෝලියේ ඉතාලි කියුබා සහයෝගිතා සංවිධානය කටයුතු කලා, එහිදී ජනතා අයිතීන් වෙනුවෙන් අරගල කරන්නන්ට හා ලතින් අමෙරිකානු කලාපයේ සහයෝගිතා සංවිධාන ආරාධනා ලැබ තිබුන. එහිදී විප්ලවය ආරක්ෂා කිරීම, කියුබාවට එරෙහි සම්බාධක හෙලා දැකීම සටන්පාඨ වූ අතර කියුබානු වෛද්‍ය කණ්ඩායම් විසින් මේ වන විට ලොව පුරා විදහා දක්වමින් සිටින ජාත්‍යන්තර සහයෝගිතාවය හා මනුෂ්‍යත්වය ඇගයීමට ලක් කිරීමද මෙහි අරමුණ වුනා.
කස්ත්‍රෝ සහෝදරයා වෙනුවෙන් මැක්සිකානු කලාකරුවන් දෙදෙනෙකු වන මොනෝ ගොන්සාලේස් සහ තෝනෝ කෲස් විසින් සිතුවම් කළ බිත්ති පසුබිමේ මෙම සැමරුම සිදු කල අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නාපෝලි සාමාජික සහෝදරවරුද මෙම අවස්ථාවට එක් විය.
 
  
  
 


 
							 
															 
															 
															 
															 
															 
															 
															 
															 
															




 
																	 
																	