ධම්මික ඉවත් වෙන්නෙ බැසිල්ට ඉඩ දෙන්නද?

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ධම්මික පෙරේරා සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ අතර ඇතැමුන් ප්‍රශ්න කරන්නේ එම ධම්මික පෙරේරා ඉවත්වන්නේ බැසිල් රාජපක්ෂට තනතුර නැවත ලබාදීමටද යන්නයි.

ගෝඨභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටි සමයේ ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පිවිසියේ බැසිල් රාජපක්ෂගේ ඉවත් වීමේ පුරප්පාඩුව පිරවීමටයි. පසුව ඔහුට ප්‍රභල අමාත්‍යධුරයක් ද හිමි විය.

ධම්මික පෙරේරා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නැවතත් බැසිල් රාජපක්ෂ පත්වනු ඇති බවට මේ අනුව මත පළවේ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධව ධම්මිකට පැහැදීමක් නොතිබූ අතර රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යධුරයෙන් ඉවත් විය යුතු බවටත් රනිල් වික්‍රමසිංහට ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන ලෙසට අභියෝග කරන බවටත් ඔහු වරක පවසන ලදී.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...