ධම්මික ඉවත් වෙන්නෙ බැසිල්ට ඉඩ දෙන්නද?

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ධම්මික පෙරේරා සූදානමින් සිටින බව වාර්තා වේ. ඒ අතර ඇතැමුන් ප්‍රශ්න කරන්නේ එම ධම්මික පෙරේරා ඉවත්වන්නේ බැසිල් රාජපක්ෂට තනතුර නැවත ලබාදීමටද යන්නයි.

ගෝඨභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටි සමයේ ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පිවිසියේ බැසිල් රාජපක්ෂගේ ඉවත් වීමේ පුරප්පාඩුව පිරවීමටයි. පසුව ඔහුට ප්‍රභල අමාත්‍යධුරයක් ද හිමි විය.

ධම්මික පෙරේරා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නැවතත් බැසිල් රාජපක්ෂ පත්වනු ඇති බවට මේ අනුව මත පළවේ.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධව ධම්මිකට පැහැදීමක් නොතිබූ අතර රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යධුරයෙන් ඉවත් විය යුතු බවටත් රනිල් වික්‍රමසිංහට ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන ලෙසට අභියෝග කරන බවටත් ඔහු වරක පවසන ලදී.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...