මෙය පැහැදිලිවම දේශපලන උවමනාවන් වෙනුවෙන් නිරෝදායන රෙගුලාසී අවභාවිතා කිරීමක්

ආණ්ඩුව විසින් පසුගිය සතියේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටියේ වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු පිරිස නිදහස් කිරීමට බල කෙරෙන උද්ඝෝෂණයක් ජූලි මාසයේ 16 වැනිදා ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට පවත්වනු ලැබුවා. එහි වෙසෙන ප්‍රගතිශීලී ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු කළ මෙම උද්ඝෝෂණයට  සුවිස් ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ඉර්මා ස්ටැම්ප්ලි ද  සහභාගි වීම විශේෂත්වයකි. ඉර්මා ස්ටැම්ප්ලි  සුවිස් සමාජ ප්‍රාජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ද සිවිල් සමාජ ක්‍රීයා කාරීනියක් සේම , සුවීට්සර්ලන්තයේ සරණාගතයින් සදහා වූ සහයෝගීතා කමීටුවේ ෆ්‍රවුන්පෙල්ඩ් නගර කන්ඩායම් නිර්මාතෘ වරිය..

එහිදී  අදහස් දක්වමින් ඇය ඇගේ විරෝධය ශ්‍රී ලංකා රජයට එල්ල කළ අතර සිදුවෙමින් පවතින මෙම අනීතික ක්‍රියාවලිය විවේචනයට ද ලක් කරනු ලැබේ.  එහිදී ඇය මෙසේ පවසන ලදී

මම ඉර්මා , සුවිස් වැසියෙක් . මට ලංකාවේ ජනතාව සමග විශේෂයෙන්ම   වෘත්තීය  සමීති ක්‍රීඩාකාරීන් සමග සම්බන්දතා තිබෙනවා.. “අද මේ අවස්තාවේදී ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් පැහැදිලි කල පරිදි.. ලංකාවේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය උදෙසා පනතක් ආන්ඩුව ක්‍රියාවට නගමින් සිටිනවා.. ඊට විරුද්ධව   වෘත්තීය  සමීති සාමකාමීව පැවැත්වූ උද්ඝෝෂණයකදී , පොලීසිය වෘර්තීය සමීති ක්‍රීයා කාරීන්ව අතඩංගුවට ගන්නවා. උසාවිය විසින් ඇපලබා දුන්නද පොලීසිය ඔවුන්ව නැවත අත් අඩංගුවට ගන්නේ ” කොරෝනා නිරෝදායන විධිවිධාන “උල්ලංනය කලායැයි චෝදනා කරමින්.. මෙය පැහැදිලිවම “දේශපලන උවමනාවන් වෙනුවෙන් . කොරෝනා නිරෝදායන රෙගුලාසී අවභාවිතා කිරීමක්”

ඒ නිසා අත් අඩංගුවටගත් වෘර්තීය සමීති ක්‍රීයාකාරීන්ට අපි අපේ සහාය පලකරන අතරම ” ඔවුන්ම වහාම නිදහස් කරන ලෙසද බලකර සිටිනවා..”

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...