පා පන්දු අධිරාජ්‍යයේ කිරුළු පළන් රජු ජීවන ගමනට සමු දෙයි….

බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක “පේලේ” (1640 – 2022) උදරයේ ඇති වූ පිළිකා තත්වයක් හේතුවෙන් ජීවන ගමනට සමු දී තිබෙනවා..

‘එඩ්සන් අරන්ටස් ඩෝ නැසිමෙන්ටෝ’ හෙවත් පේලේ 1940.10.23 දින බ්‍රසීලයේ ඉතා දුගී පවුලක උපත ලබා තිබෙනවා..කුඩා කාලයේදීම පා පන්දුවට පෙම් බැඳි එඩ්සන්ට වීදි මිතුරන් විසින් ‘පේලේ’ යන නම පටබැඳ තිබෙනවා..එහි අර්ථය “පුදුමය, අනුහස” යන්නයි..එඩ්සන්ගේ පාපන්දු දක්ෂතා කුඩා කල සිටම පුදුම සහගත වුනා..

වයස අවුරුදු පහළොවේදී සැන්ටොස් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ එක්වෙන පේලේ, අවුරුදු දාසයේදී පළමු වෘත්තීය ගෝලය වාර්තා කරනවා..එසේම ඔහු දක්වන දක්ෂතා හේතුවෙන් බ්‍රසීල ජාතික කණ්ඩායමට එක් වීමේ වරමද හිමි වෙනවා..ඔහුගේ කීර්තිය ලොව පුරා පැතිරෙන්නේ 1958 ස්වීඩනයේ පැවති පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයේදී ගෝල දෙකක් වාර්තා කරමින් බ්‍රසීල කණ්ඩායමට පලමු වතාවට ලෝක කුසලාන ජයග්‍රහණයක් හිමිකර දීමත් සමඟයි..

වාසනාව පේලේ පසුපස හඹාගෙන එනවා..1962 පාපන්දු ලෝක කුසලානයද තම රටට රැගෙන එන්නට පේලේ සහ කණ්ඩායම සමත් වෙනවා..1966 ලෝක කුසලානය පේලේට එතරම් සුවදායක එකක් වූයේ නැහැ..ප්‍රතිවාදී කණ්ඩායම්වල උපක්‍රම හමුවේ පේලේ ඉක්මණින්ම ආබාධිත බවට පත් වෙනවා..එහි ප්‍රතිඵලය බ්‍රසීල කණ්ඩායම පළමු වටයෙන්ම කැපී යාම..නමුත් 1970දී මෙක්සිකෝවේ පැවති ලෝක කුසලාන තරඟාවලිය බ්‍රසීලය ජයග්‍රහණය කරන්නේ පේලේ පාපන්දු ඉතිහාසයේ පුරාවෘත්තයක් බවට පත් කරමින්..

ඒ අනුව 1958, 1962, 1970 ලෙස පාපන්දු ලෝක ශූරතා තුනක්ම බ්‍රසීලයට ජයග්‍රහණය කර දෙන්නට පේලේ සමත් වෙනවා..එවැනි අවස්ථාවක් නියෝජනය කළ ලොව පලමු සහ එකම ක්‍රීඩකයා වෙන්නෙ පේලේ..ක්‍රීඩකයෙකුට ඒක පහසුවෙන් හැබෑ නොවන හීනයක්..ඒ හීන ලෝකෙ රජතුමා, බ්‍රසීල ස්වදේශික භාෂාවෙන් කීවොත් “ඕ රේ” තමයි පේලේ..
වෘත්තීය පා පන්දු ජීවිතයේ ඔහු වාර්තා කළ ගෝල සංඛ්‍යාව 1283ක්..ලෝක කුසලාන තරඟ 14කදී ගෝල 12ක්..ඔහු හරියටම මැජික් කාරයෙක් වගෙයි..

2022.12.29 දින පා පන්දු ලොව දිග් විජය කළ ‘එඩ්සන් අරන්ටස් ඩෝ නැසිමෙන්ටෝ හෙවත් පේලේ’ගේ අමරණීය පාදය නිශ්චල වුනා..
පා පන්දුවෙන් උපන් පුරා වෘත්තයක් ලෝකයට ඉතිරි වුනා…

 

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...